අද කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගයේ විශේෂ රථවාහන සැලැස්මක්

By Hashini Jul 13, 2025 01:31 AM GMT
Report

බලපිටිය, මෝදර දේවාලයේ ඇසළ පෙරහැර හේතුවෙන් කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගයේ ඊයේ (12) සහ අද 13) විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා.

පොලීසිය පැවසුවේ ඊයේ දහවල් 1.00 සිට රාත්‍රී 8.00 දක්වා සහ අද රාත්‍රී 10.00 සිට හෙට (14) අලුයම දක්වා පෙරහැර ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ වීථි සංචාරය කිරීමට නියමිත බවයි.

ඒ හේතුවෙන්, ඇතිවිය හැකි රථ වාහන තදබදය අවම කර ගැනීම සඳහා අදාළ කාලය තුළ විකල්ප මාර්ග භාවිතා කළ යුතු වේ.

ගෙදරිනුයි රටිනුයි දෙකෙන්ම පැන්න රාජිත

ගෙදරිනුයි රටිනුයි දෙකෙන්ම පැන්න රාජිත

කොළඹ සිට ගාල්ල දෙසට ගමන් කරන රථ වාහන, අහුන්ගල්ල හන්දියෙන් හරවා ඌරගස්මංහන්දිය හරහා කරන්දෙණිය මහාඒදණ්ඩ හන්දියට ගොස් අම්බලන්ගොඩ ධර්මාශෝක හන්දියෙන් ගාලු පාරට පිවිසිය හැකියි.

පොලිසිය පවසන්නේ අදාළ වේලාවන්වල ගාල්ල දෙස සිට කොළඹ දෙසට ගමන් කරන රථ වාහන ධර්මාශෝක හන්දියෙන් කරන්දෙණිය මහාඒදණ්ඩ හන්දියට ගොස් ඌරගස්මංහන්දිය හරහා කොස්ගොඩට පැමිණ නැවත ගාලු පාරට පිවිසිය හැකි බවයි. 

කොටුවේ ඉන්න ත්‍රීවිල් චණ්ඩින්ට වැඩ වරදින ලකුණු

කොටුවේ ඉන්න ත්‍රීවිල් චණ්ඩින්ට වැඩ වරදින ලකුණු