WhatsApp පරිශීලකයන්ට විශේෂ දැන්වත් කිරීමක්, ගිණුම් ලක්ෂ 98 ක් දැනටමත් තහනම්
අනිසි ආකාරයට භාවිතය සහ හානිකර හැසිරීම් මැඩපැවැත්වීම වෙනුවෙන් ක්‍රියාත්මක වන පියවරවල කොටසක් වශයෙන්, 2025 ජූනි මාසය තුළ ඉන්දියාවේ WhatsApp ගිණුම් ලක්ෂ 98කට අධික ප්‍රමාණයක් තහනම් කර ඇති බව WhatsApp ආයතනයේ මාසික වාර්තාවක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ඒ අනුව මෙම ගිණුම්වලින් ලක්ෂ 19.79 කට ආසන්න ප්‍රමාණයක්, පරිශීලක පැමිණිලි ඉදිරිපත් කිරීමට පෙරම තහනම් කර ඇති බව සඳහන්.
එමෙන්ම WhatsApp සමාගම හානිකර ක්‍රියාකාරකම් ආරම්භ වීමට පෙරම වැළැක්වීම ඔවුන්ගේ ප්‍රමුඛතාවය බව විදෙස් මාධ්‍යවලට පවසා ඇත.
කෙසේ වෙතත් එම වාර්තාව අනුව, ජූනි මාසයේදී ගිණුම් තහනම් කිරීම් සම්බන්ධව WhatsApp සමාගමට තහනම් අභියාචනා 16,069ක් ලැබී තිබෙනවා. ඒ අතරින් ගිණුම් 756කට පියවර ගෙන තිබෙන බව වාර්තා වේ.
එසේම සමාගමට ලැබුණු සමස්ත පරිශීලක පැමිණිලි සංඛ්‍යාව 23,596ක් වන අතර, ඒවාගෙන් ගිණුම් 1,001ක් පිළිබඳව ක්‍රියාමාර්ග ගත් බවද අඳාළ වාර්තාවේ අන්තර්ගත වේ.
මේ අතර WhatsApp තම අපයෝජන හඳුනාගැනීමේ පද්ධතිය තුළ ගිණුම් සාදාගැනීමේ අවස්ථාවේ සිටම පණිවිඩ යැවීම, ඍණාත්මක ප්‍රතිපෝෂණවලට ප්‍රතිචාර දැක්වීම දක්වා මූලික අදියර තුනකින් ක්‍රියාත්මක වන බව සඳහන් කර තිබෙනවා.
තවද WhatsApp සමාගම තම Android යෙදුමට අඳුරු ආලෝක තත්ත්වයන් යටතේ ඡායාරූප ගනුදෙනුව වැඩිදියුණු කිරීමේ අරමුණින් නව රාත්‍රී මාදිලියක් හඳුන්වාදීමට කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය හරහා වාර්තා කරයි.
