ජනාධිපති ලේකම්ගෙන් ‘පොලිස්පතිවරයාට’ විශේෂ දැනුම් දීමක්
‘ඉන්දියානු පොහොරවලට ගෙවන්න කෝටි 29ක් පුද්ගලික ගිණුමකට – ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර බලපෑම් කරලා’ යන සිරස්තලය යටතේ සතිඅන්ත පුවත්පතක පළ කර ඇති වාර්තාව සම්පූර්ණයෙන් සාවද්‍ය සහ ද්වේශ සහගත ප්‍රවෘත්තියක් බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා පවසනවා.
එම පුවත තරයේ ප්‍රතික්ෂේප කරන බවයි ඔහු සඳහන් කරන්නේ.
මෙම පුවත්පත් වාර්තාව සම්බන්ධයෙන් සියලු පාර්ශ්ව කැඳවා විධිමත් පුළුල් පරීක්ෂණයක් වහාම පවත්වන්නැයි ජනාධිපති ලේකම්වරයා පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා.
මේ අතර ,පැන්ඩෝරා පත්‍රිකා මගින් පසුගිය දා අනාවරණය කළ මෙරට පුද්ගලයින්ගේ විදෙස් වත්කම් පිළිබඳව සොයාබැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. ඔහු ඒ බව සඳහන් කළේ (22) පාර්ලිමේන්තුවේදීය.
"පැන්ඩෝරා පේප(ර්)ස් ගැන විශාල සාකච්ඡාවක් යනවා. මේ ගිං නිල්වලා ගැන කතා කරනවා. ඒකෙන් මුදල් ගියා කියලා කියනවා පිටරට, නිරූපමා රාජපක්ෂ මහත්මියට එහෙම නැත්තම් තිරු නඩේෂන් මත්තාට. මං කියන්නේ මේ පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් පත් කරන්න. පත් කරලා කතා කරමු මේක ගැන. තියෙන යෝජනා, අදහස් ගේමු. කවුරුහරි කියනවා නම් මෙන්න මේකට මෙහෙමයි සල්ලි ගියේ කියලා. ගෙනල්ලා කතා කරමු. අඩුම තරමේ එතනින් හරි මේක විසඳගන්න පුළුවන්. ඔහේ ගහලා දානවාට වැඩිය, මේක කොහෙන් හරි ඉවර වෙන්න ඕනේ. කෑගහපු කට්ටියටත් සාක්ෂි සහිතව එන්න කියන්න."
මේ අතර දයාසිරි ජයසේකර මහතා කළ යෝජනාවට සහාය පළ කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.
"ගිං නිල්වලා ව්‍යාපෘතියෙන් විශාල මුදලක් නැති වෙලා තියෙනවා. දයාසිරි ජයසේකර මහතා ගෙනා යෝජනාව, තේරීම් කාරක සභාවක් පත්කරනවා නම් අපි ඒකට සහයෝගය දෙනවා."
ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න. |