ජීවිත ආරක්ෂක ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ දැනුම්දීමක්

Report

 ජීවිත ආරක්ෂක ගිනිඅවි බලපත්‍රලාභීන්ගේ ගිනිඅවි සඳහා සහතිකයක් නිකුත් කිරීම සම්බන්ධව 2026 වර්ෂයට බලපත්‍ර අලුත් කිරීමට සමගාමීව පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

පොලීසිය දැනුම්දෙන්නේ බලපත්‍ර ලබාගෙන අඩ වර්ෂයක් ගතවූ විට ළඟම පිහිටි පොලිස් ස්ථානය වෙත ගිනිඅවිය ඉදිරිපත් කර ගිනිඅවියේ ක්‍රියාකාරීත්වය සහ එහි අංකය බලපත්‍රයෙහි අංකය සමඟ සැසඳෙන බවට සහතිකයක් ලබාගත යුතුබව ප්‍රකාශ කර තිබේ.

ආරක්ෂක කවුන්සිලයෙන් සියළුම ජීවිතරාක්ෂක ගිනිඅවි අලුත්කර ගත් බලපත්‍රලාභීන් වෙත උපදෙස් ලබා දී ඇත.

වැස්සෙන් පසු මේ රෝගීන්ගේ වැඩිවීමක් - ප්‍රවේශම් වෙන්න

වැස්සෙන් පසු මේ රෝගීන්ගේ වැඩිවීමක් - ප්‍රවේශම් වෙන්න

ඒ වගේම සෑම අඩ වර්ෂයකම ජීවිතාරක්ෂක ගිනිඅවි බලපත්‍රලාභීන්ගේ ගිනිඅවි සහ බලපත්‍ර ඉහත සඳහන් පරිදි පරීක්ෂා කර එම සහතිකය නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයා විසින් සියළුම පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු උසස් නිලධාරීන් වෙත දන්වා ඇත .

පොලීසිය විසින් ජිවිතාරක්ෂක ගිනිඅවි බලපත්‍ර අලුත් කර ගත් සියළුම බලපත්‍රලාභින්ට වැඩිදුරටත් දන්වා සිටින්නේ 2026 වර්ෂයට අදාළව බලපත්‍ර ලබාගෙන අඩ වර්ෂයක් ගත වූ විට ළඟම පිහිටි පොලිස් ස්ථානය වෙත ගිනිඅවිය ඉදිරිපත් කර එහි ක්‍රියාකාරීත්වය සහ අංකය බලපත්‍රයෙහි අංකය සමඟ සැසඳෙන බවට සහතිකයක් ලබා ගන්නා ලෙසයි . 

ඩුබායි සුද්දා අත්අඩංගුවට

ඩුබායි සුද්දා අත්අඩංගුවට