''රටට සේවයක් කළා කියලා දූෂණ වලට සම්බන්ධ වෙන්න අයිතියක් නෑ'' ඥාණසාර හිමිගේ ප්‍රකාශයට රංගන ශිල්පී ගයාන්ගෙන් කට උත්තර නැතිවෙන්න උත්තර

Report

අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් වයස අවුරුදු 15ක දැරියකට ලිංගික අතවර කළ මෙම පුවත රටේ මහත් ආන්දෝලානාත්මක පුවතක් විය . බොහෝ දෙනෙක් ඇය වෙනුවෙන් පෙනී සිටින ලදී .

නමුත් අත්අඩංගුවට ගෙන රක්ෂිතබන්ධනාගාරගත කර සිටි අටමස්ථානාධිපති පුජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් මෙම මස 22 දින ඇප ලබා දී තිබුණි .

අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිදු වික්‍රමරත්න මහතා පසුගිය 15 වනදා දී තිබූ නියෝගයකට අදාළව කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර අධිකාරිවරයා විසින් හේමරතන හිමියන් අද අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.

එහිදී රුපියල් ලක්ෂ 50 ශරීර ඇප දෙකක් සහ රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් මත අටමස්ථානාධිපති හිමියන්ව මුදා හැරීමට නියෝග කෙරුණා . ඇප කොන්දේසි කඩ කළහොත් සහ සාක්ෂිකරුවන්ට බලපෑම් කළහොත් ඇප නියෝගය අවලංගු කරන බව ද මහේස්ත්‍රාත්වරයා මෙහිදී දැනුම් දෙනු ලැබුවා.

කුරාණයට අපහාස කරාට ඥානසාර හිමිට නඩු - අවුරුදු 14ක් පන්නන නඩුවට වෙන්න යනදේ මෙන්න

කුරාණයට අපහාස කරාට ඥානසාර හිමිට නඩු - අවුරුදු 14ක් පන්නන නඩුවට වෙන්න යනදේ මෙන්න

මේ සිදුවීම ගැන ගලගොඩ අත්තේ ගලගොඩ අත්තේ ඥාණසාර හිමිද මාධ්‍ය සාකච්ජාවක් තබමින් සදහන් කර ඇත්තේ මෙවැන්නක්

'' සොළොස්මස්ථාන තියනවා අටමස්ථාන තියනවා ඒවා භාරකාර හාමුදුරුවරු මොනතරම් මෙහෙවරක් කරලා තියනවද? රටට පරම්පරා ගණනාවක් මීට අවුරුදු 20කට කළින් ඒ තිබුණු අනුරාධපුරේ ද දැන් තියෙන්නේ ඒ හාමුදුරුවෝ මොකුත්  කරලා නැද්ද ?මේ පරයන්ට හෙන ගහන්න ඕනේ නැද්ද .අද කොච්චර ලස්සනට අනුරාධපුරේ හදලා තියනවද වැරදි වෙනවා වැරදි වෙන්නේ නැත්තේ කාගෙන්ද . වරදක් කලානම් නීතියෙන් දඩුවම් ලැබෙයි . කරුණාකරලා ගිහින් හාමුදුරුවො පැමිණිළි  කරන්න.  ඒ වගේම අත්දැකීම්සම්බාරයක් තියන භික්ෂුවක් විදිහට මගෙන් හොයන්න එන්න එපා සිල් .මගෙන් අහන්න බුදු සමයට වරද්දන්න ඉන්න පිරිස් ගැන . බුද්ධ කාලයේ හාමුදුරොත් ඒක කළා . ''

මේ හාමුදුරුවන්ගේ ප්‍රකාශයට බොහෝ විවේචන එල්ල වුණා . ඒ අතර .රංගන ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පියෙක් වන ගයාන් වික්‍රමතිලකත් අදහස් ප්‍රකාශ කරලා තිබුණා ඔහු සදහන් කළේ මෙවැන්නක්

'' එයාගෙන් කවදාවත් අපි සිල් බලාපොරොත්තු වුණේ නෑ .මතකනේ හොදට ගහලා ගිහින් පොලීසියට අහුවෙච්ච දවස එදා ඉදන් අපි එයාගෙන් සිල්   බලාපොරොත්තු වුන් නෑ . එයාගෙන් බලාපොරොත්තු වුණේ සීල් විතරයි . හාමුදුරුවො දැනගන්න ඕනේ කටේ සද්දෙඅටවත් ඇගේ හයියටවත් රටක් කරන්න බෑ කියලා ඔය ඥාණසාරටවත් පල්ලේගම හේමරතනටවත් රටට සේවයක් කළා කියලා දූෂණ වලට සම්බන්ධ වෙන්න අයිතියක් නෑ .නීතියට උඩින් ආගම තිබ්බොත්  අෆ්ගනිස්තානයට ඉරානෙර ඉරාකෙට වෙච්ච දේ ලංකාවට වෙන්න පුළුවන්    ''