උසස්පෙළට මේ විෂයන් හදාරපු අයට සුබ ආරංචියක් - අද රාත්‍රීයේ සිට අයදුම් කළ හැකි බව දන්වයි
හෙද විදුහල්වලට 2026 වර්ෂය වෙනුවෙන් අභ්‍යාසලාභීන් තුන්දහසක් බඳවා ගැනීමට අයැදුම්පත් කැඳවා ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව මාර්ගගතව අයදුම් කිරීමේ සබැඳිය සහ අදාළ විස්තර සහිත 2026.05.29 දිනැති ගැසට් පත්‍රය අද (1) දින රාත්‍රීයේ සිට www.health.gov.lk වෙබ් අඩවියේ පළ කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කර ඇත.
ඒ අනුව 2021,2022,2023,2024 යන වර්ෂවල අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයෙන් ජීව විද්‍යාව හෝ භෞතික විද්‍යාව විෂයයන් හදාරා ගැසට් පත්‍රයේ සඳහන් සුදුසුකම් සපුරා ඇති ශ්‍රී ලාංකිකයින්ට මේ වෙනුවෙන් අයැදුම් කළ හැකි බව සඳහන්.