ඩුබායි සුද්දා අත්අඩංගුවට

Report

 ශ්‍රි ලාංකිකයින් ඩුබායි හා මොල්ඩෝවා රාජ්‍යයන්හි රැකියා සඳහා යොමුකළ රන්තැටිගේ නිශ්ශංක ප්‍රියදර්ශන හෙවත් ඩුබායි සුද්දා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන් විසින් අද කඩුවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

 ඩුබායි රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසා මොහු විසින් රුපියල් ලක්ෂ 7ක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් බවට ගිරිඋල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කාර්යාංශයට කරන ලද පැමිණිල්ලක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකරන තිබේ .

සැකකරු විදේශ ගතවී සිට යලි දිවයිනට පැමිණි පුද්ගලයෙකු වේ .

සැකකරු බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරයෙකුද වන අතර, සමාජ මාධ්‍ය උපයෝගි කරගනිමින් මෙම ජාවාරම මෙහෙයවා තිබේ.

සංචාරක වීසා මගින් පුද්ගලයින් ඩුබායි රාජ්‍යයේ රැකියා සඳහා යොමුකරන ප්‍රධාන ජාවාරම්කරු මොහු වන අතර, මොහු මීට පෙර කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටි අයෙක් වේ.

 අත්අඩංගුවට ගත් මෙම සැකකරු හෙට (02) කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව කිසිවෙකුට විදේශ රැකියා සඳහා බඳවාගැනීම නීතිවිරෝධි වේ .

මෙම ජාවාරමට හසුවී ඇති අයෙකු නම් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ 011 288 2229 අංකය වෙත දැනුම් දෙන ලෙස කාර්යාංශය ඉල්ලා සිටියි.