හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සජබෙන් දේශපාලනයට? සමාජ මාධ්‍ය කලඹමින් පුවතක් පැතිරෙයි [PHOTOS]

Report

හිටපු හමුදාපති විශ්‍රාමික ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා දේශපාලනයට පිවිසීමට යන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්ති සහ සටහන් පැතිර යමින් පවතී.

මෙම සටහන් සහ වාර්තාවලින් පෙනී යන්නේ විශ්‍රාමික ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සමගි ජන බලවේගය පක්ෂය වෙනුවෙන් උතුරු මැද පළාත් සභාවේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට සූදානම් වන බවයි.

ආයෙත් ඉන්ධන මිල වැඩිවීමක්ද? මිල වැඩි කරලත් පාඩු බව තෙල් සංස්ථාව නිවේදනය කරයි

ආයෙත් ඉන්ධන මිල වැඩිවීමක්ද? මිල වැඩි කරලත් පාඩු බව තෙල් සංස්ථාව නිවේදනය කරයි

පොලොන්නරුව සජබ මන්ත්‍රී කින්ස් නෙල්සන් සමඟ ශවේන්ද්‍ර සිල්වා පෙනී සිටි ඡායාරුපයක් සමඟ, මෙම සටහන් ඇතැම්විට හුවමාරු වී තිබුනේ, ඔවුන් දෙදෙනාගේ ඇති නෑකමක් ද සඳහන් කරමින්ය.

කෙසේ වෙතත්, කොළඹ මාධ්‍යයක් මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගය පක්ෂයයෙන් ප්‍රශ්න කළ විට, සමාජ මාධ්‍යවල පැතිර යන පුවත් සහ සටහන් අසත්‍ය බව විශ්වාසදායක ආරංචි මාර්ග පැවසීය.

පාසල් වාර සහ විභාග කාලසටහන් මාරු කරයි - සාමාන්‍ය පෙළ හා උසස් පෙළත් වෙනස් වෙයි

පාසල් වාර සහ විභාග කාලසටහන් මාරු කරයි - සාමාන්‍ය පෙළ හා උසස් පෙළත් වෙනස් වෙයි

GalleryGallery