ගමන් බලපත්‍ර සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්
ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට සහ ප්‍රාදේශීය කාර්යාලවලට පැමිණීමට පෙර සියලු අයදුම්කරුවන් වෙබ් අඩවියට පිවිස දිනයක් සහ වේලාවක් වෙන් කර ගත යුතු බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.
සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය සහ ප්‍රාදේශීය කාර්යාලවල සීමිත සේවාලාභීන් සංඛ්‍යාවක් සඳහා සේවා සැපයීම සිදු කරන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ.
ඒ අනුව අත්‍යාවශ්‍ය සේවා අවශ්‍යතා සහිත සේවාලාභීන් පහත Link එක වෙත පිවිස මුලින්ම දිනයක් වෙන් කර ගත යුතු වනවා.
https://eservices.immigration.gov.lk/td
එලෙස දින වෙන්කර ගැනීමකින් තොරව පැමිණෙන පුද්ගලයින්ට කාර්යාල පරිශ්‍රයට ඇතුළුවීමට අවසර හිමි නොවන බව ද ආගමන විගමන දෙපාර්තමේන්තුව අදාළ නිවේදනය මගින් අවධාරණය කළා.
වැඩිදුර තොරතුරු පහත අංක ඇමතීමෙන් ලබාගත හැකියි…
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

