සියලුම ජනතාවට දැනුම්දීමක් - හෙට සිට ලංකාව පුරාම ක්‍රියාත්මක වන පරිදි විශේෂ සතියක් රජයෙන් නියෝග

Report

ජාතික ඩෙංගු මර්දන ඒකකය මඟින් සංවිධානය කරනු ලබන විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන හෙට (09) සිට ආරම්භ කිරීමට සියලු කටයුතු යොදා තිබේ.

ඒ අනුව හෙට සිට එළැඹෙන 14 වැනිදා දක්වා මෙම විශේෂ ඩෙංගු මර්දන සතිය දිවයින පුරා ක්‍රියාත්මක වේ.

ඩෙංගු වසංගත තත්ත්වයක් ඇතිවීමේ අවදානම සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 74ක් ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

මේ රාජ්‍ය නිලධාරින් 10 වෙනිදා මුළු කොළඹම වටලයි - සියල්ල සූදානම් කරගෙන විශේෂ දැනුම්දීමක්

මේ රාජ්‍ය නිලධාරින් 10 වෙනිදා මුළු කොළඹම වටලයි - සියල්ල සූදානම් කරගෙන විශේෂ දැනුම්දීමක්

මෙම සතිය තුළ අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන් හි ඒකාබද්ධ ඩෙංගු පරීක්ෂණ කණ්ඩායම් යෙදවීම, හිමිකරුවෙකු නොමැති පරිශ්‍රවල මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර පවිත්‍ර කිරීම, පාසල්, පිරිවෙන්, විශ්වවිද්‍යාල සහ ආගමික ස්ථාන ආශ්‍රිතව ශ්‍රමදාන සංවිධානය කිරීම මෙන්ම විශේෂ මෙහෙයුම් මැදිරියක් මඟින් දෛනික කටයුතු අධීක්ෂණය කිරීම ද සිදු කෙරේ.

වහාම ක්‍රියාත්මක වන පරිදි සිමෙන්ති කොට්ටයක මිල ඉහළට - නව අගයන් මෙන්න

වහාම ක්‍රියාත්මක වන පරිදි සිමෙන්ති කොට්ටයක මිල ඉහළට - නව අගයන් මෙන්න

ජාතික ඩෙංගු මර්දන ඒකකයට අමතරව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, 'ක්ලීන් ශ්‍රී ලංකා' ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලීසිය, ත්‍රිවිධ හමුදාව සහ ස්වේච්ඡා සංවිධාන රැසක් ද මෙම මර්දන වැඩසටහන සඳහා සක්‍රීයව දායක වීමට නියමිතය.