රාජ්‍ය සේවකයින්ට ජනවාරි සිට පඩියට අමතරව විශේෂ මුදලක්.. ලැබෙන මුදල් ප්‍රමාණය මෙන්න..
ලබන වසර සඳහා රාජ්‍ය නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක් ලබා දීමට රජය තීරණය කර තිබෙන බව වාර්තා වනවා.
ඒ අනුව, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, රුපියල් 4,000ක අත්තිකාරම් මුදලක් ලබාදීමට නියමිත බවයි.

එම අත්තිකාරම් මුදල ලබන වසරේ ජනවාරි මස පළමු වන දින සිට පෙබරවාරි මස 29 වන දින දක්වා කාලය තුළ ලබාදීමට සූදානමින් සිටින බවයි පැවසෙන්නේ.
මහා භාණ්ඩාගාරයේ එකඟතාව මත රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය ලේකම්වරයා විසින් සියලු අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් මගින් ඒ පිළිබඳව දැනුම් දී ඇත.
මෙම අත්තිකාරම් මුදල 2024 වර්ෂය තුළදීම අයකර අවසන් කළ යුතු බව ද එම චක්‍රලේඛයේ වැඩි දුරටත් සඳහන් වේ.