විශ්‍රාමිකයින්ට වැදගත් පණිවිඩයක්..

By Sewvandhi Nov 06, 2021 02:17 AM GMT
Sewvandhi

Sewvandhi

Report

2016 වසරේ ජනවාරි මස පළමුවනදාට පෙර විශ්‍රාම ලැබූ සියලු රජයේ සේවකයින් සඳහා අග්‍රහාර රක්ෂණ ක්‍රමය යටතේ වූ ප්‍රතිලාභ තවදුරටත් පුළුල් කිරීමට පියවර ගෙන තිබේ.

දැනට 2016 වසරේ ජනවාරි මස පළමුවනදායින් පසුව විශ්‍රාම ගන්නා රාජ්‍ය නිලධාරීන් සඳහා පමණක් අග්‍රහාර රක්ෂණ ක්‍රමයේ ප්‍රතිලාභ ලබාදීම සිදු කෙරෙන බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

වයස අවුරුදු 70 ට අඩු විශ්‍රාමිකයින් සඳහා රුපියල් 400 ක මාසික වාරික මුදලක් සහ වයස අවුරුදු 70 ට වැඩි විශ්‍රාමිකයින් සඳහා රුපියල් 600 ක මාසික වාරික මුදලක් අය කරගැනීම යටතේ එම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වන බව සඳහන් වේ.

විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්ගේ දායක මුදල් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් අයකර මාසිකව ජාතික රක්ෂණ භාර අරමුදල වෙත ප්‍රේෂණය කිරීමට නියමිතය.

රාජ්‍ය සහ පළාත් රාජ්‍ය සේවයට අයත් සියලුම විශ්‍රාමිකයින් සඳහා අදාළ වන මෙම රක්ෂණ ක්‍රමයේ ප්‍රතිලාභ විශ්‍රාමිකයින් සඳහා ජීවිතාන්තය දක්වා හිමිවන අතර ඔවුන්ගේ කාලත්‍රයා, අනත් දරුවන්ට හෝ ආබාධිත දරුවන්ට මෙම ප්‍රතිලාභ හිමි නොවන බව සඳහන් වේ.

මෙම රක්ෂණ ක්‍රමය සඳහා සුදුසුකම් ලබන නමුත් එහි දායකයින් වීම සඳහා එකඟතාව පළ නොකරන සියලු විශ්‍රාමිකයින් ලබන 15 වනදාට පෙර විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි විශ්‍රාම වැටුප් අංශයන් වෙත දැනුම් දීම සිදුකළ යුතු බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පැවසුවේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


ReeCha