හදිසියේ ජනපති තීරණයක් ගනී..

Sri Lanka Political Gotabaya Rajapakshe
By Aruna Dec 06, 2021 06:07 AM GMT
Aruna

Aruna

Report

ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් කිහිපදෙනෙකුගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.

පසුගිය සතියේ දී ඔවුන් සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබුණි.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ලංකා අයෝජන මණ්ඩලය සඳහන් කර ඇත්තේ,

ජනාධිපතිවරයා ඔවුන්ගේ සේවාවන් අඛණ්ඩය කරගෙන යන ලෙස දැනුම් දී ඇති බවය.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

- උපුටා ගැනීම -

පසුගිය සතියේ ඉල්ලා අස්වීම් ඉදිරිපත් කළ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයාගේ සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ගේ ඉල්ලා අස්වීම් පිළිගැනීම අතිගරු ජනාධිපතිතුමා විසින් ප්‍රතික්ෂේප කර ඇති බව මෙයින් දන්වා සිටිමු.

රටේ යහපත සඳහා විදේශ ආයෝජන ප්‍රවර්ධනය කිරීමටත්, පශ්චාත් කොවිඩ් ආර්ථික පරිවර්තනයටත්, ඔවුන් සක්‍රිය සහ ඵලදායී දායකත්වය ඉතා වැදගත් වන බැවින් ද, ඔවුන් කෙරෙහි තමන්ට ඉහළම විශ්වාසයක් ඇති බැවින් ද, ඔවුන්ගේ සේවාවන් අඛණ්ඩව කරගෙන යාමට අතිගරු ජනාධිපතිතුමා ප්‍රාර්ථනා කරන බව ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර විසින් ඔවුන් වෙත එවා ඇති ලිපි වල වැඩිදුරටත් සඳහන් කර තිබුනි.

2020 දී, ගෝලීය Covid වසංගත තත්ත්වයන් යටතේ ආයෝජන මන්දගාමී වුවද, USD 2.2Bn අගයක් සහිත ව්‍යාපෘති 128 ක් අනුමත කරන ලද අතර, එයින් USD 1.6Bn විදේශ ආයෝජන විය.

2021 නොවැම්බර් මස අග දක්වා කාලය තුල, ඩොලර් බිලියන 2 ක් වටිනා නව ව්‍යාපෘති 117 ක් අනුමත කර ඇති අතර එයින් ඩොලර් මිලියන 980 ක් විදේශීය ආයෝජන විය.

එබැවින්, 2021 වසරේ ආයෝජන ආකර්ෂණයේ සාර්ථකත්වය, පූර්ව වසංගත යුගය වූ 2019 දී අනුමත කරන ලද ඩොලර් බිලියන 1.1 ක් වටිනා (ඩොලර් මිලියන 400ක් වූ විදේශ ආයෝජන) නව ව්‍යාපෘති 113 ක් හා සසඳන විට මහත් ප්‍රගතියකි.

එබැවින් පැහැදිලි වන්නේ, 2020 සහ 2021 වසර වලදී කොවිඩ් වසංගතය අඛණ්ඩව පැවතියද, සමස්ත ආයෝජන ගලා ඒම, 2019 අගයන් ඉක්මවා ඇති බවය.

- උපුටා ගැනීම අවසන් -


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now