පාසල් සිසුවෙක් ස්පා ගිහින් තරුණ කතුන් දෙන්නෙක් සම්බාහනය කරනව කියල කරපු දේ..සිසුවා නොසිතූ දෙයකට මුහුණ දෙයි..

Police spokesman Sri Lanka Police Sri Lanka National Health Service
By Aruna Oct 11, 2024 01:53 AM GMT
Aruna

Aruna

Report

පහළොස් හැවිරිදි බාල වයස්කාර පාසල් ශිෂ්‍යයෙකු ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාව මත කුරුණෑගල නගරයේ සම්බාහන ආයතනයක කාන්තාවන් දෙදෙනෙකු කුරුණෑගල මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වනවා.

අපයෝජනයට ලක්වූ ශිෂ්‍යයාගේ දෙමාපියන් විසින් පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව අදාල කාන්තාවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පැවසෙන්නේ.

කුරුණෑගල ප්‍රධාන පෙළේ මිශ්‍ර පාසලක ඉගෙනුම ලබන ශිෂ්‍යයා පෙරේදා (9 ) පස්වරුවේ පෞද්ගලික පන්තියකට යන බව පවසමින් නිවසින් පැමිණ සැකකාරියන් දෙදෙනා සේවයේ නිරතව සිටි සම්බාහන ආයතනයට ගොස් තිබේ.

අද ආහාර ගැනීමේදී මේ ලග්න හිමියන් සැලකිලිමත් වන්න..විෂ වෙන්න පුළුවන්..ඒ අතරෙ හදිසි ධන ලාභත් ලැබේ.

අද ආහාර ගැනීමේදී මේ ලග්න හිමියන් සැලකිලිමත් වන්න..විෂ වෙන්න පුළුවන්..ඒ අතරෙ හදිසි ධන ලාභත් ලැබේ.


සම්බාහනයක් බලාපොරොත්තුවෙන් ඒ සඳහා අවශ්‍ය ගාස්තුවද ගෙවා සිටි ශිෂ්‍යාට සේවය සැපයීමට තරුණ කාන්තාවන් දෙදෙනෙකු පැමිණ ඇති බවත් ඔවුන් දෙදෙනා එක්ව ඔහු අපයෝජනයට ලක්කර ඇති බවත් අදාල පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වනවා.

මෙලෙස අපයෝජනයට ලක්වීමෙන් ශාරීරික අපහසුතාවට ලක්ව ඇති ශිෂ්‍යයා ඒ පිළිබඳව ඔහුගේ දෙමාපියන් දැනුවත් කිරීමෙන් පසුව පොලිසියට අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවයි පැවසෙන්නේ.

පොලීසිය සඳහන් කළේ, මෙම සම්බාහන ආයතන නිසි ක්‍රමවේදයකට සහ නියාමනයකට යටත්ව නොමැති බවත් ලිංගික ක්‍රියාකාරකම් සැපයීම සඳහා මෙවැනි සම්බාහන ආයතන ක්‍රියාත්මකව පවතින බවයි.

ඉදිරි පැය 24 ගැන අවධානයෙන් ඉන්න..විශේෂයෙන් මේ ප්‍රදේශ වල අයට දැනුම්දීමක්.

ඉදිරි පැය 24 ගැන අවධානයෙන් ඉන්න..විශේෂයෙන් මේ ප්‍රදේශ වල අයට දැනුම්දීමක්.


මෙලෙස ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි නොවී සමාගම් පනත යටතේ පමණක් ලියාපදිංචිය ලබාගෙන නීතිවිරෝධී අයුරින් පවත්වාගෙන යනු ලබන සම්බාහන ආයතන 60 කට අධික සංඛ්‍යාවක් කුරුණෑගල නගරය තුළ ක්‍රියාත්මක බවත් ඉන් නිසි ක්‍රමවේදයට අනුව පවත්වාගෙන යනු ලබන්නේ ආයතන කීපයක් පමණක් බවයි පොලිසිය පෙන්වා දෙන්නේ.

මෙවැනි සම්බාහන ආයතන වැටලීමට පියවර ගැනීම හේතුවෙන් කුරුණෑගල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්ම චන්නක කොබ්බෑවල මහතාට එරෙහිව නඩුවක්ද මේවනවිට අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.