සම්භාහන කාන්තාවක කාමරයක දවස් 2 ක් රදවාගෙන පොලිස් නිළධාරියෙක් කරපු දේ
Sri lanka
gossip
By Sithumi
සම්බාහන මධ්‍යස්ථානයක සේවය කළ කාන්තාවක පිළියන්දල කොළමුන්න කාමරයක දින දෙකක් තිස්සේ රදවාගෙන අමානුෂික ලෙස පහරදුන් ආධුනික පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගෙන ඇතැයි පිළියන්දල පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පාර්ලිමේන්තු කොට්ඨාසයට අනුයුක්තව ගල්කිස්ස කොට්ඨාසයට මොරටුව පොලිසියේ විශේෂ රාජකාරි කරමින් සිටි කොස්තාපල්වරයෙකි. ප්‍රදේශවාසීන් 119 හදිසි ඇමතුම් අංශයට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
තුවාල ලද කාන්තාව රෝහල් ගත කළ බවද පොලිසිය කියයි. කොස්තාපල්වරයා අවිවාහකයකු වන අතර පහරකෑමට ලක්වූ කාන්තාව විවාහක තැනැත්තියක බව පොලිසිය කියයි.