හද මොහොතකට නතර කළ, ග්රෑන්ඩ්පාස් ඛේදවාචකය..
ඊයේ (25) ග්රෑන්ඩ්පාස් පොලිස් වසමේ ඔරුගොඩවත්ත ප්රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කර තිබෙනවා.
එලෙස මියගොස් ඇත්තේ, වෙහෙරගොඩැල්ල, වැල්ලම්පිටිය ප්රදේශයේ පදිංචිව සිටි 17 හැවිරිදි තරුණයෙක් බව සඳහන් වේ.
මෙම ඝාතනය සිදුව ඇත්තේ දෙපාර්ශවයක් අතර පැවති අමනාපයක් මත ය.
මරණකරු නිවසේ සිටියදී තියුණු ආයුධ අතැතිව පැමිණි පිරිසක් නිවසට ඇතුළු වී මරණකරු සමග සිටි පිරිස සමඟ ගැටුමක් ඇති කරගෙන ඇති බවට සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.
මෙම ඝාතනය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් විමර්ශනය සිදුකර මෙම ඝාතනය සම්බන්ධ සැකකරුවන් 04 දෙනෙකු අපරාධය සඳහා භාවිතා කළ කඩු 02ක් සහ මන්නා පිහියක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 31, 32 හා 36 වයස්වල පසුවන වැල්ලම්පිටිය ප්රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, ග්රෑන්ඩ්පාස් පොලීසිය සහ කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන පවත්වයි.
You May Like This Video 👇
.