ට්‍රම්ප් ධවල මන්දිරයේදී දීපවාලි සමරයි - හනුමාන් චාලිසා පොතකුත් තෑගි ලබයි

By Malith Madushan Nov 07, 2026 06:04 AM GMT
Report

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දීය සම්භවයක් සහිත අමෙරිකානුවන් පිරිසක් සමඟ ධවල මන්දිරයේදී දීපවාලි උත්සවය සමරා තිබෙනවා.

ඒ අනුව පසුගිය සිකුරාදා (06) ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදී පැවති මෙම සැමරුමට අමෙරිකානු රජයේ ඉහළ පෙළේ නිලධාරීන්, ව්‍යාපාරිකයන් සහ ප්‍රමුඛ පෙළේ සමාගම් ප්‍රධානීන් රැසක් එක්ව සිටියා.

මෙම අවස්ථාවට අමෙරිකාවේ ඉන්දීය තානාපති විනය් මෝහන් ක්වාත්‍රා, සුප්‍රකට සූපවේදී විකාස් ඛන්නා, ව්‍යවසායක විශාල් ගොන්ඩාල්, IBM ප්‍රධාන විධායක නිලධාරී අර්වින්ද් ක්‍රිෂ්ණා සහ FBI අධ්‍යක්ෂ කාශ් පටෙල් ඇතුළු පිරිසක් සහභාගී වී තිබෙනවා.

එමෙන්ම අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සහ සමාජ ආරක්ෂණ පරිපාලනයේ නියෝජ්‍ය කොමසාරිස් අර්ජුන් මෝඩි ද මෙම සැමරුමට එක්ව සිටි බව සඳහන්.

ඉන්දීය මන්ත්‍රීවරයෙකුගේ නිවසට මැදියම් රැයේ ප්‍රහාරයක්? - BJP වෙතින් ආන්දෝලනාත්මක පිළිතුරක්

ඉන්දීය මන්ත්‍රීවරයෙකුගේ නිවසට මැදියම් රැයේ ප්‍රහාරයක්? - BJP වෙතින් ආන්දෝලනාත්මක පිළිතුරක්

ට්‍රම්ප්ට ලැබුණු විශේෂ තෑග්ග

මෙම සැමරුමේදී විශේෂ අවධානයක් දිනාගත් සිදුවීමක් වූයේ ව්‍යවසායක විශාල් ගොන්ඩාල් විසින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත 'හනුමාන් චාලිසා' ග්‍රන්ථයේ පිටපතක් තෑගි කිරීමයි.

ඒ පිළිබඳව X සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් ඔහු සඳහන් කර තිබුණේ ජනාධිපතිවරයා සමඟ දීපවාලි උත්සවය සැමරීමට ලැබීම ගෞරවයක් බවයි.

හනුමාන් දෙවියන් වෙනුවෙන් තුල්සිදාස් විසින් රචනා කරන ලද හනුමාන් චාලිසා ග්‍රන්ථය ධෛර්යය, භක්තිය සහ ශක්තිය වෙනුවෙන් මිලියන සංඛ්‍යාත ජනතාවක් කියවන ආගමික ග්‍රන්ථයක් බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

දීප පහන් දැල්වූ එම අවස්ථාවේදී ඉන්දියාව සහ අමෙරිකාව අතර මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් වීමත්, අඳුර පරදා ආලෝකය ජයගැනීමත් වෙනුවෙන් තමන් ප්‍රාර්ථනා කළ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

ලොව සුප්‍රකට ඩුකාටි සමාගමෙන් ඉන්දියාවට අලුත් යතුරුපැදියක් - ඩුකාටිගේ අලුත්ම තුරුම්පුව එළියට

ලොව සුප්‍රකට ඩුකාටි සමාගමෙන් ඉන්දියාවට අලුත් යතුරුපැදියක් - ඩුකාටිගේ අලුත්ම තුරුම්පුව එළියට

ධවල මන්දිරයේ දීපවාලි සැමරුමේ ඉතිහාසය

ධවල මන්දිරයේ දීපවාලි සැමරුම් පැවැත්වීමේ සම්ප්‍රදාය ආරම්භ වී ඇත්තේ 2003 වසරේදී ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්ගේ පාලන සමයේදීයි.

ආරම්භක අවධියේදී මෙම උත්සව බොහෝවිට පැවැත්වුණේ ඉන්දීය සම්භවයක් සහිත අමෙරිකානුවන් සහ ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අයිසන්හවර් විධායක කාර්යාල ගොඩනැගිල්ලේදීයි.

2009 වසරේදී ජනාධිපති බැරැක් ඔබාමා ධවල මන්දිරයේ නැගෙනහිර කාමරයේදී දීපයක් දල්වා මෙම සැමරුමට එක්වූ පළමු අමෙරිකානු ජනාධිපතිවරයා බවට පත්ව තිබෙනවා.

ඉන් අනතුරුව ඕවල් කාර්යාලය සහ රූස්වෙල්ට් කාමරය ඇතුළු ධවල මන්දිරයේ විවිධ ස්ථානවල දීපවාලි සැමරුම් පැවැත්වීම සිදුකර තිබෙනවා.

කැනඩාවෙන් ලෝකයටම බලපාන අතිවිශේෂ නිවේදනයක් - 200,000කට ස්ථිර පදිංචිය දෙන්න මෙගා ප්ලෑන් එකක්

කැනඩාවෙන් ලෝකයටම බලපාන අතිවිශේෂ නිවේදනයක් - 200,000කට ස්ථිර පදිංචිය දෙන්න මෙගා ප්ලෑන් එකක්