කොරියාවෙන් ලංකාවට සුතුටුදායක ආරංචියක්..කොරියාව ගත් විශේෂ තීරණය මෙන්න..
දකුණු කොරියාව ශ්‍රී ලංකාවේ සංචාරක අනතුරු ඇඟවීම ලිහිල් කිරීමට කටයුතු කොට තිබෙන බව වාර්තා වනවා.
එරට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබෙන්නේ, ශ්‍රී ලංකාවේ සංචාරක අනතුරු ඇඟවීම 2වන මට්ටමේ සිට 1වන ස්ථානය දක්වා නම් කිරීමට කටයුතු කළ බවයි.
තවද දකුණු කොරියානු විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ, මෙය ඊයේ (01) දින සිට ක්‍රියාත්මක වන බවයි.
ශ්‍රී ලංකාවේ පවතින නව ආරක්ෂක සහ සෞඛ්‍ය මට්ටම මත එරට සංචාරක මාර්ගෝපදේශ ලිහිල් කොට තිබෙන බවයි, නිවේදනයක් නිකුත් කරමින් දකුණු කොරියානු විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.
මේ අනුව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, ශ්‍රී ලංකාවට වැඩි කොරියානු සංචාරකයන් පිරිසක් පැමිනෙණු ඇති බවයි.