දකුණු කොරියාවේ ඛේදවාචකයෙන් මියගිය ශ්‍රී ලාංකිකයා හදුනා ගැනේ..වැඩි විස්තර මෙතනින් දැනගන්න.

Sri Lanka Accident South Korea
By Aruna Oct 30, 2022 04:18 AM GMT
Aruna

Aruna

Report

දකුණු කොරියාවේ සෝල් අගනුවර හැලොවීන් සැමරුමේදී සිදු වූ අනතුරෙන් මියගිය පිරිස අතර ශ්‍රී ලාංකිකයෙකු ද සිටින බව නිල නොවන වාර්තා සඳහන් කරනවා.

කෙසේවෙතත් ඇති වූ තෙරපීමෙන් ඊයේ රාත්‍රියේ මියගිය ශ්‍රී ලාංකිකයා මහනුවර දිස්ත්‍රික්කයේ 27 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු බවට හඳුනාගෙන ඇති බවටද ආරංචිමාර්ග පවසයි.

එමෙන්ම තවදුරටත් දකුණු කොරිායාවේ සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් තානාපති අංශ සමඟ සමීපව සොයාබලමින් අවශ්‍ය කටයුතු සිදු කරන බවයි විදේශ අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙම අනතුරින් 151 දෙනෙකු මියගොස් 82 දෙනෙකු තුවාල ලබා ඇත.

මියගිය පිරිසට විදේශිකයන් 19 දෙනෙකු අයත්.

ඒ අතර ඉරාන, නෝර්වේ, චීන සහ උස්බෙකිස්තාන ජාතිකයන් ද සිටින බවටයි විදෙස් වාර්තා පවසන්නේ.

දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් ද මේ වනවිට සිද්ධිය වූ ස්ථානයට ගොස් ඇති බවයි නවතම විදෙස් වාර්තාවල සඳහන් වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now