දකුණු කොරියාවේ ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරයි..

South Korea
By krishani Oct 30, 2022 07:30 AM GMT
krishani

krishani

Report

දකුණු කොරියාවේ සෝල් අගනුවර හැලොවීන් සැමරුම් උත්සවයක් අතරතුර සිදු වූ තෙරපීමෙන් මියගිය සංඛ්‍යාව 151 දක්වා ඉහළ ගොස් ඇති අතර විදේශිකයන් 19 දෙනෙකු ද සිටින බව විදෙස් වාර්තා පවසයි.

මෙම සිද්ධියෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 70 කට අධික වන අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇත.

ඔහු විපතට පත්වූවන්ගේ පවුල්වලට සිය ශෝකය පළ කළ ඇති අතර, තුවාල ලැබූ පිරිසට ඉක්මන් සුවය ලැබේවායි ද ප්‍රාර්ථනා කර ඇත.

එමෙන්ම ඉදිරියේදී මෙවන් ව්‍යසන සිදු නොවීමට වගබලාගන්නා ලෙස ද දකුණු කොරියානු ජනාධිපතිවරයා බලධාරින්ට උපදෙස් ලබා දී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join