මෙන්න මේ අයට මේ දේට අවසර නැහැ..විශේෂයෙන් ගත් තීරණයක්..

Government Employee Sri Lanka Sri Lanka Government
By Piyumika Dec 08, 2024 03:46 AM GMT
Piyumika

Piyumika

Report

රජයේ සේවයේ හෝ රජයේ සේවයෙන් පරිබාහිර වෙනත් කිසිදු තනතුරක් සඳහා හෝ විදේශ දූත මණ්ඩල සේවය සඳහා හෝ උපලේඛනගත රජයේ නිලධරයන් නැවත දැනුම් දෙනතෙක් මුදා නොහැරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

අද ඉදලා සහල් මෝල් වලට කරන්න යන දේ ..රජයෙන් ගත්ත අලුත්ම තීරණය..

අද ඉදලා සහල් මෝල් වලට කරන්න යන දේ ..රජයෙන් ගත්ත අලුත්ම තීරණය..

උපලේඛනගත රජයේ නිලධරයන්ගේ සේවයේ දැනට පවතින පුරප්පාඩු සහ ඊට අනුශාංගිකව නව බඳවා ගැනීම් කිරීම සඳහා වන සීමා කිරීම් මත උපචය වී ඇති දැඩි සේවා අවශ්‍යතාව හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතැයි අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් එච්. සංජීව සෝමරත්න දන්වා සිටියි.

මේ පිළිබඳ තමන් යටතේ සේවය කරන සියලුම උපලේඛනගත රජයේ නිලධරයන් දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සියලුම මහාධිකරණ විනිසුරුවරුන්, දිසා විනිසුරුවරුන්, මහෙස්ත්‍රාත්වරුන්, ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ටාර් සහ අභියාචනාධිකරණයේ රෙජිස්ටාර්වරයා වෙත අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් දැනුම් දී තිබේ.

උපලේඛනගත රජයේ නිලධරයන්ගේ සේවයේ නිරත නිලධාරින් විසින් රජයේ සේවයේ වෙනත් තනතුරක් සඳහා හෝ රජයේ සේවයෙන් පරිබාහිර වෙනත් තනතුරක් සඳහා හෝ විදේශ දූත මණ්ඩල සේවය සඳහා මුදා හරින ලෙස ඉදිරිපත් කරනු ලබන ඉල්ලීම් සලකා බලා අධිකරණ සේවා කොමිෂන් සභාව අදාළ තීරණයට එළඹී තිබේ.

ලුණුයි බතුයි කමුකෝ රත්තරන් කිවුවට එකත් බැරි වෙයි වගේ..

ලුණුයි බතුයි කමුකෝ රත්තරන් කිවුවට එකත් බැරි වෙයි වගේ..

යම් උපලේඛනගත රජයේ නිලධරයකු විසින් එවැනි තනතුරකට ඉල්ලීමක් කළහොත් ඒ පිළිබඳ දැඩි අවධානය යොමු කරන ලෙසද අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් සියලුම මහාධිකරණ සහ දිසා විනිසුරුවන්ට සහ මහෙස්ත්‍රාත්වරුන්ට ද ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරුන්ටද දන්වා තිබේ.

අධිකරණවල උපලේඛනගත රජයේ නිලධාරින් ලෙස අධිකරණ රෙජිස්ට්‍රාවරුන්, ලිපිකරුවන්, යතුරු ලේඛක, අධිකරණ භාෂා පරිවර්තක, පොත් බඳින්නෝ කටයුතු කරති.

You may like this video

ReeCha