පාස්පෝට් ගැටලුවට විසඳුම්. - පළමු කැබිනට් හමුවේදී ගත් විශේෂ තීරණය මෙන්න.

Report

ආගමන හා විගමන පාලක ජනරාල් ලෙස සේවය කළ හර්ෂ ඉලුක්පිටිය රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ ඇති බැවින්, එම තනතුරේ රාජකාරි කටයුතු ඉටු කිරීම පිණිස අයෙකු පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ අනුව,වහාම ක්‍රියාත්මක වන පරිදි මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක ලෙස දැනට සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනි බී. එම්. ඩී. නිලුෂා බාලසූරිය මෙම තනතුරට පත් කිරීමටයි අනුමැතිය හිමිවී ඇත්තේ.