සමාජ මධ්‍ය වීඩියෝවක් නිසා පොලිස් කොස්තාපල්ට වැඩ වැරදුනු හැටි. - (VIDEO)

Sri Lanka Police Government Of Sri Lanka
By Wayomi Dec 06, 2023 10:57 AM GMT
Wayomi

Wayomi

Report

මේ දින වල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙන පොලිස් කොස්තාපල්වරයෙකුගේ වීඩියෝවක් පිළිබඳ පොලීසියෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වෙනවා.

ඒ, නොවැම්බර් 24 වනදා බීමත් රියදුරෙකුට ඇප ලබාගැනීමට පසුගිය වෙන්නප්පුව පොලීසිය වෙත පැමිණ සිටි පිරිසකට පොලීසිය ඉදිරිපිටදී එම පොලිස් නිලධාරියා විසින් පරුෂ වචනයෙන් බැන තර්ජනය කිරීමේ සිදුවීමක්.

සමාජ මධ්‍ය වීඩියෝවක් නිසා පොලිස් කොස්තාපල්ට වැඩ වැරදුනු හැටි. - (VIDEO) | Social Media Video Police Officer Is At Fault

පසුව එම වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමෙන් පසු ලැබුණු පැමිණිල්ලකට අනුව සිද්ධිය පිළිබඳ පොලිස් විමර්ශන ආරම්භ කරන ලදී

ඒ අනුව අදාළ පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් නොවැම්බර් 27 වනදා සිට වහාම ක්‍රියාත්මක වනපරිදි අදාළ නිලධාරියාට වෙන්නප්පුවේ සිට ගිරිබාව පොලීසිය වෙත ස්ථාන මාරුවක් ලබාදී තිබුණා.

විමර්ශන කටයුතු වලින් අනතුරුව නොවැම්බර් 29 වනදා සිට එම නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට වෙන්නප්පුව දිස්ත්‍රික් භාර සහකාර පොලිස් අධිකාරීවරයා පියවර ගනු ලැබුවා.  


ReeCha