සමාජ මාධ්‍ය ඔස්සේ මහා පරිමාණ ජාවාරම සිදු කළ 7 කල්ලිය මාට්ටු වෙයි...

Police Sri Lanka Nigeria New media Social media racket Social attack
By Aruna Dec 22, 2021 03:38 AM GMT
Aruna

Aruna

Report

කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ තරු පන්තියේ හෝටලයක රැදී සිටිමින් කූඨ ජාවාරම්වල නිරත ව සිටිය දී අත්අඩංගුවට ගත් 7 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම පිළිබද මේ වන විට තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති ඇති බවයි වැටලීම සිදු කළ වලාන දූෂණ මර්දන ඒකකය සඳහන් කළේ.

නයිජීරියානු ක්‍රමයට සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන් කූඨ ජාවාරම්වල නිරත වී ඇති අතර එමගින් උපයා ගත් මුදල රුපියල් කෝටි ගණනක් බවද අනාවරණය වී තිබෙනවා.

ඊයේ අත්අඩංගුවට ගත් මොවුන් අදාළ හෝටලයේ කාමර දෙකක නවාතැන් ගෙන සිට ඇති අතර ඒ සදහා දිනකට රුපියල් ලක්ෂය බැගින් ගෙවා ඇති බවට ද අනාවරණ වුණා.

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු මහනුවර ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සතු ව තිබී බැංකු ගිණුම් පොත් 21ක්, ඒ.ටී.එම්. කාඩ්පත් 58ක් සහ මත්ද්‍රව්‍ය තොගයක් ද සොයා ගෙන තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now