උපාධි උත්සවයදා තම මව ඔසවාගෙන ගෞරව කළ ආදරණීය පුතු...සමාජ මාධ්‍ය කැළඹූ කවුරුත් හොයන ඡායාරූප පෙළ...(PHOTOS)

Facebook Sri Lanka Sri Lanka Social Media
By Sewvandhi Jun 25, 2022 03:12 PM GMT
Sewvandhi

Sewvandhi

Report

සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට හරි අපූරු රූ එකතුවක් දක්නට ලැබුණා. අම්මාව දෑතින්ම වඩාගෙන උපාධි ෆොටෝ එකට පෙනී සිටි අපූරු පුතෙක්ගෙ සොඳුරු රූ එකතුවක් ඒ. උපාධියක් සම්පූර්ණ කරනවා කියන්නෙම කෙනෙක්ගෙ ජීවිතේ හරි සුවිශේෂී දෙයක්නෙ.

ඉතින් මේ සුවිශේෂී දවසෙ ඒ හැමදේම පසුපස උන්නු අම්මාව අගයන මේ පුත්‍ර රත්නය ගැන හැමෝම වගේ කතා කරලා තිබුණා.. පහතින් දැක්වෙන්නේ ඒ අපූරු රූ එකතුව.... මේ ඒ ආදරණීය රූ එකතුව ගැන සමාජ මාධ්‍යයේ පළව තිබූ සටහනක්...

සමහර පින්තූර කතා කරනවා...! පුංචි කාලේ ඉදන් කුසට අහරක් නැතත් , ආා .... කාපන් මයෙ පුතේ කියලා අපේ කුස ගිනි නිවපු අම්මා හොද නරක කියලාදීලා හදපු වඩපු අම්මා OL , ALවලට පාඩම් කරනකම් හෙවණැල්ලක් වගේ ලග ඉදපු අම්මා කැම්පස් select කියලා දැනග්තාම සතුටට අඩපු අම්මා මගේ පුතේ උඹවත් ⁣මේ නරා වළෙන් ගොඩපලයන් ...! තෙරුවන් සරණයි ! කියලා ඔලුව අතගාලා ආශිර්වාද කරපු ගෙදර බුදුන් අම්මා සතේ අතේ නැතත් පුතේ මේක අරන් ඒ පොත් ටික ගනින් කියලා අතමිට දිග ඇරපු අම්මා. මොන දුකක් වින්දත් ඒ හැම දේම හිතින් දරාගෙන අපිව සනසපු අම්මා. අම්මට යන්න බැරි වුණත් අපිව ජගතෙක් කරන්න කැපවුණේ අම්මා. වචනෙන් විස්තර කරන්න බැරි එකි මෙකි නොකි සියල්ල පිටිපස්සෙ ⁣යෝධ ශක්තිය අම්මා.... නමක් ගමක් දන්නෑ. ඒත් උපාධිය කියන රන් දමින් සැරසෙන දා හිස් සෙම්බුවකට වඩා ඒ යෝධ ශක්තිය දෑතින් දරන්නට පිං කල පුතෙක්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


GalleryGalleryGalleryGallery