ෆොටෝ එකක් ගහල එවන්න - ගුවන් ටිකට් පතක් දිනා ගැනීමට අවස්ථාවක්

Report

ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් මිලදී ගත් නවතම ගුවන් යානය අද (ජුනි 04) පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

මෙම ගුවන් යානය කොළඹ වරාය නගරයේ සිට දකුණු දෙසට පානදුර දක්වා අහසේ පහත්ව පියාසර කිරීමට සැලසුම් කර ඇත.

මෙම ගුවන් යානයේ ඡායාරූපයක් ගෙන ගුවන් ටිකට්පතක් දිනා ගැනීමට ඔබට දැන් අවස්ථාවක් ලබාදී ඇත.

අද උදෑසන නෙත් එෆ් එම් හි “අලුත් බැලුම්ගල” වැඩසටහනට එක්වෙමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ආයතනික සන්නිවේදන කළමනාකරු දීපාල් පෙරේරා මහතා මේ බව තහවුරු කළේය.

එලෙස පළ කරන විට ශ්‍රී ලංකන් එයාලයින්ස් හෝ නෙත් එෆ් එම් ලෙස හෑෂ් ටැග් සමඟ එය පළ කළ යුතු අතර එසේ නොමැතිනම් එම ඡායාරූපය 0711 95 95 95 ට වට්ස්ඇප් කළ හැකියි.