මැයි 9 සිද්ධීන්වලට හයදෙනෙකු අත්අඩංගුවට ගනියි..

Sri Lanka Police
By krishani Sep 02, 2022 04:58 AM GMT
krishani

krishani

Report

පසුගිය මැයි 9 වනදා සිදුවූ කළහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් තවත් සැකකරුවන් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රිනී කෝකිලා හර්ෂනීගේ නිවසට පහරදී ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තුන්දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගත් අතර මීරිගම - හල්පේ ප්‍රදේශයේ දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයන් පිරිසකී.

එමෙන්ම කුලියාපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී සරත් ඉඳුනිල්ගේ නිවසට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන්ද සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔහු 35 හැවිරිදි කිරින්දව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ.

මේ අතර මහර ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනූෂා දිල්රුක්ෂිගේ නිවසට පහරදුන් සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු කඩවත - සූරියපාළුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙන අතර එම සැකකරුවන් සතුව තිබී සොරාගන්නා ලද පොලිස් නිල ඇඳුම් සහ ඒවායේ කොටස් කිහිපයක්ද පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ය.