කොවිඩ් අතර ඇති වන වේගයෙන් ව්‍යාප්ත වන මාරාන්තික සමේ රෝග..මේ ගැන ඔබ දැනුවත්ද..?
කොවිඩ් හේතුවෙන් සමේ රෝගාබාධ ඇතිවීමේ ප්‍රවණතාවක් තිබෙන අතර ඉදිරියේදී චර්ම රෝග වැඩි විය හැකි බවද කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජානක අකරවිට මහතා සඳහන් කර තිබෙනවා.
කොවිඩ් හේතුවෙන් මුව ආවරණ පැළදිම, දෑත් සේදීම අනිවාර්යෙන් කළ යුතු නමුත් ඒ්වා නිසා සමට හානි සිදුවිය හැකි බවද ඔහු එහිදී පෙන්වා දී තිබුණා.
සම යනු සංවේදී ඉන්ද්‍රියයක්. මේ සංවේදයේ හිමිකරුවාණන් ස්පර්ශයයි. ඇස්, කන්, නාසය, දිව, සම යන පංච සංවේද ඉන්ද්‍රියන් තුළින් පෙනීම, ඇසීම, ගඳ සුවඳ දැනීම, රස දැනීම සහ ස්පර්ශය ලබා දෙයි. මුළු ජීවිත කාලය පුරාවටම මේ සංවේද ඉන්ද්රියයන් අපේ ජීවිත පැවැත්මට උදව් වන බව අමුතුවෙන් කිව යුතු නැත.
නමුත් මේ කාර්යක්ෂමතාවයන් හැමදාම නොපවතියි. ඒ ඇයි? ශරීරය වගේම අනෙකුත් සංවේද ඉන්ද්රියයන් ද වයසට යාම ඊට හේතුවයි. සම ද වයසට යාම වළක්වා ගත නොහැකියි. අපේ සම මුළු මනින්ම දිග හැරියොත් ඇඳ ඇතිරිල්ලක් තරම් ප්‍රමාණවන බව ඔබ දන්නවාද? මෙතරම් ප්‍රමාණවත් සම අපේ ශරීරයේ විශාලතම ඉන්ද්රිය ද වෙයි. ඒ සම රෝගී වුණොත්.......?
බාහිර පරිසරයට නිරාවරණය වූ සම රෝගී වූ විට ආසාදනයන් පැතිර යාම ඉතා ඉක්මනින් සිදු වීම නියතයි. පරිසරයෙන් වන බලපෑම් නිසා ආසාදන පැතිර යාමෙන් සමට වන හානිය අතිමහත්ය. බාහිරට නිරාවරණය වීම නිසා ව්‍යාප්තිය ශීඝ්‍ර වේ. එවිට සුව වීමට ගතවන කාලය වැඩි වේ. හේතුව පිටතින් එන දූෂිත වාතය හා ගැටී, ඇති වූ තුවාලය හෝ අදාළ උපද්‍රවය ව්‍යාප්ත වීමයි. අති භයානකම තත්ත්වය වන්නේ සම ආශි‍්‍රතව ඇතිවන රෝග ඉක්මනින් සුව කර ගැනීමට ගන්නා කාලය දීර්ඝ වීමය.
නමුත් නිසි පිළියම් යොදා සමේ රෝග සුව කර ගැනීමට තමා උනන්දු විය යුතුයි. වර්තමානයේ දක්නට ලැබෙන රෝග අතර චර්මය ආශි‍්‍රත රෝග බහුල වෙයි. චර්ම රෝග ඇති වීමට වයස් භේදයක් නොමැතිය. කුඩා බිළිඳාගේ පටන් මහල්ලා දක්වාම චර්ම රෝග තත්ත්ව ඇතිවිය හැකියි.
පරිසරය දූෂණය වීම චර්ම රෝග ඇති වීමට ඍජුවම බලපානු ලබන සාධකයකි. කැලි කසළ පරිසරයේ වැඩි වීම මත දූෂිත වාතය සහ ජලය ස්පර්ශය හා ආහාරවලට එක් වීම මත මෙය හට ගැනේ. මානසික හේතු, කායික විද්‍යාත්මක හේතූන්, සාමාජික හේතුන්, පාරම්පරික හේතූන් වගේම වෙනත් රෝග ද මීට බලපාන බව දැක්විය හැකියි. එසේම රසකාරක අඩංගු ආහාරවලින් හා කෘතීම ආහාරවලින් වැලකී සිටීම මෙම චර්ම වලක්වා ගැනීම සඳහා ඉවහල් ෙවි.
සමේ රෝග මේ යටතේ කුෂ්ඨ රෝග තත්ත්වය (විචර්චිකා), කිටීභ (සොරයිසීස්), අළුහම් (පාමා) හොරි, සුදු කබර වැනි රෝග තත්ත්ව පොදුවේ දැක්විය හැකියි. චිචර්චිකා යනු බහුලව දැකිය හැකි කුෂ්ඨ රෝග තත්ත්වයකි. මෙහිදී සම රත් පැහැ ගැන්වීම, ස්රාවයන් ගැලිම දක්නට පුළුවන්. සම අවපැහැ ගැන්වීමක් සිදු වේ. පොතු කබර රෝග තත්ත්වයේදී සමේ කොටස් පොතු වශයෙන් ගැලවී යාම දැකිය හැකියි.
මේ නිසා රතු හා රෝස පාට ලප සහිත ගොරෝසු හමක් දක්නට ලැබේ. වැලමිට, හිස,දණහිස් සන්ධි වැනි ස්ථානවලින් මේ ලක්ෂණ දැකගත හැකියි. සුදු කබර රෝගයේදී ආරම්භයේදී කුඩා සුදු පාට තිත් මෙන් දක්නට ලැබෙන අතර පසුව ක්‍රමයෙන් මෙම ලප විශාල වේ. මෙහිදී සිදුවන්නේ සමේ ඇති මෙලනින් වර්ණකයේ ඌනතාවයයි. මෙම රෝගී තත්ත්වය නිසා විශාල වෙනසක් ඇති වේ. පාමා (හොරි) රෝග තත්ත්වය කුඩා දරුවන් අතර බහුලව දැකිය හැකියි.
කැසීම සහිත කුඩා බිබිලි විශේෂයෙන්ම අත් පාවල දැකිය හැකියි. මෙහි කැසීම් ස්වභාවය රාත්‍රියට වැඩිය. මෙය ඇතිවන්නේ සමේ කුහර තුළ ක්ෂුද්‍ර ජීවියකු ජීවත්වන නිසාය. විශේෂයෙන්ම කුඩා ළමයින්ට ඇතිවන චර්ම රෝග සඳහා නිසි ප්‍රතිකාර නොකිරීමෙන් වකුගඩු රෝග ඇතිවීම කෙරෙහි බලපෑ හැකියි.
නීරෝගි සමක් සඳහා චර්ම රෝග ඇතිවීම වළක්වා ගැනීම බොහෝ වැදගත් කරුණකි. ඔබගේ චර්යා රටාවේදී අනුගමනය කරන පිළිවෙත හා පුද්ගලික පිරිසුදු භාවය ඉතා වැදගත්ය. සමබල ආහාරවේලක් ලබා ගැනීම, ප්‍රමාණවත් තරම් ජලය පානය අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත්ය. සූර්්‍ය රශ්මියෙන් සම ආරක්ෂා කර ගැනීම, යෝග ව්‍යායාම, භාවනා ක්‍රමවල නියැලීම ඉතාමත් යහපත් කි්රයාවක් අතරට ගැනේ.
මින් සමේ රෝග වළක්වා නීරෝගි භාවය ළඟා කර ගත හැකියි. දුම්පානය මත්පැන් පානය නොකළ යුතුයි. මධුමේහය (දියවැඩියාව) වැනි රෝග අවස්ථාවලදී නිසි ප්‍රතිකාර කළ යුතුයි. හේතුව වන්නේ එම රෝගයේ ලක්ෂණයක් වන සම කැසීම පවතින නිසා එය වරදවා සාමාන්‍ය චර්ම රෝගයක් යයි. සිතා පිළියම් යෙදීමට යාමෙන් දියවැඩියාවට ප්‍රතිකාර නොගෙන කැසීමට ප්‍රතිකාර ගැනීමට ගොස්් වන හානිය ප්‍රබල වන නිසයි.
දියවැඩියා රෝගය එවිට උත්සන්න වන්නේ ඒ සඳහා ප්‍රතිකාර නොකෙරෙන බැවිනි. එසේම අසාත්මිකතා මත ද චර්ම රෝග ඇති වේ. ඒ අවස්ථාවලදී නිසි වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වීම ඉතා වැදගත්ය. චර්ම රෝගවලට ප්‍රතිකාර කිරීමට වඩා ඉන් වළක්වා ගැනීමට කටයුතු කරන්නේ නම් මෙවැනි රෝග තත්ත්ව හට නොගැනෙනු ඇත.
මේ සඳහා විවිධ උපක්‍රම භාවිතා කරමින් ප්‍රතිකාර කෙරේ. සම ආශි‍්‍රතව හට ගැනෙන කුෂ්ඨ, දද හා සමහර වණ සඳහා ද කූඩළු ප්‍රතිකාරය යොදයි. නිර්විෂ කූඩැල්ලන් යොදා කෙරෙන මේ ප්‍රතිකාරය සඳහා සාර්ථක ප්‍රතිඵල ලබා දී ඇත. එසේම සමේ හට ගැනෙන මේ හෝමෝන වෙනස්කම් මත කුරුලෑ බිබිලි අද තරුණ වියට පා ඔසවන අය අතර බහුලව පවතින දෙයක්. එලෙසම එය වර්ධනය වන්නට පෙර තව තවත් පැතිර යාම වළක්වා ගන්නට කටයුතු කිරීම ඉතාමත් යෝග්‍ය වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |