හය කෝටියක මත්ද්‍රව්‍ය විකුණූ තරුණයා මාට්ටු
කේරළ ගංජා ජාවාරමෙන් උපයාගත් රුපියල් කෝටි 6කට ආසන්න මුදලක් පෞද්ගලික බැංකු ගිණුමක තැන්පත් කර මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව වරදක් කළ බව කියන වත්තල ප්‍රදේශයේ තරුණයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (11) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්වැටිය, වත්තල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි තරුණයෙක්. මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ විමර්ශන අංක 02 ඒකකය විසින්.
සැකකාර තරුණයා කේරළ ගංජා ඡාවාරමෙන් උපයාගත් බව කියන මුදල් රුපියල් 59,814,006.80ක මුදලක් ඔහුගේ නමින් ඇති පෞද්ගලික බැංකු ගිණුමක තැන්පත් කර 2011 අංක 40 දරන පනතින් සංශෝධිත 2006 අංක 05 දරන මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනතේ 03 වන වගන්තිය යටතේ වරදක් සිදුකර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
සැකකරු කෙළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.