කොළඹ පාසලක 2 ශ්‍රේණියේ සිසුවියගේ කරාබු දෙක ඉස්සු අක්කලා....

Police spokesman Colombo Sri Lanka Sri Lankan Schools
By Hashini Nov 15, 2023 05:36 AM GMT
Hashini

Hashini

Report

කොළොන්නාව අධ්‍යාපන කොට්ඨාස බාලිකා පාසලක 2 වසරේ ඉගෙනුම ලබන සිසුවියකගේ කණෙහි පැළඳ සිටි රත්‍රං කරාබු දෙක තවත් සිසුවියන් දෙදෙනෙකු විසින් සොරාගෙන තිබෙනවා.

ඇය පවසා ඇත්තේ සිසුවියක් තම හිසට වැලි දමා දිව ගොස් සැඟවුණු බවත් තවත් සිසුවියන් දෙදෙනෙකු 6 වසරේ යැයි පවසා මුඛ ආවරණයක් පැළඳ හිසේ වැලි පිස දමමින් තම කරාබු දෙක ගලවා ගත් බවයි.

ඇයගේ දෙමව්පියන් මේ පිළිබඳව පාසලේ විදුහල්පතිවරිය දැනුවත් කර තිබෙනවා.

පසුව විදුහල්පතිවරිය විසින් එම පාසලේ 6 වසරේ ඉගෙනුම ලබන සිසුවියන්ව හඳුනා ගැනීමේ පෙරට්ටුවකට යොමු කර තිබෙනවා.

මෙම දැරියට සැකකාර සිසුවියන් හඳුනා ගැනීමට නොහැකි වී ඇත්තේ මුඛ ආවරණ පැළඳ සොරකම් සිදු කිරීම හේතුවෙනි.

කොළඹ පාසලක 2 ශ්‍රේණියේ සිසුවියගේ කරාබු දෙක ඉස්සු අක්කලා.... | Sisters Who Stole A Grade 2 Student S Earrings 

සැකකාර සිසුවියන් හඳුනා ගැනීමට නොහැකි වීම මත විදුහල්පතිවරිය දැරියට අපහාසාත්මක අයුරින් බැන වැදී ඇති බව ද සඳහන්.

මව්පියන් සිද්ධිය සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලීසිය දැනුවත් කර ඇති අතර පොලීසිය පවසන්නේ සොරකම උසස් පෙළ සිසුවියන් ඉතා සුක්ෂමව සිදු කර ඇති බවට අනාවරණය වී ඇති බවයි. 

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කිරීම ගැන දැනුම් දීමක්.....

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කිරීම ගැන දැනුම් දීමක්.....


ReeCha