අපහසුතා කාලයක ජනතාවට එළවළු දන්සලක්.. (VIDEO)

sri lanka vegetables economy gagana news sri lanka sinhala news today trending news free of charge
By krishani Apr 09, 2022 06:06 AM GMT
krishani

krishani

Report

කොට්ටාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ඊයේ (08) සිය වෙළෙඳසැලට පැමිණි පාරිභෝගිකයන්ට මුදල් අය කිරීමකින් තොරව එළවළු බෙදා දී ඇත.

රුපියල් ලක්ෂ 10කට ආසන්න වටිනාකමකින් යුත් එළවළු තොගයක් මෙසේ පාරිභෝගිකයන්ට ලබා දී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු වෙළෙඳසැලේ හිමිකරු පැවසූවේ, තමා අලුතෙන් ආරම්භ කළ මෙම වෙළෙඳසැලේ මුදලට එළවළු වෙළඳාම් කිරීමට පෙර පාරිභෝගිකයන්ට නොමිලේ එලවළු ලබා දීමට සිතු බවය.

රටේ පවතින ආර්ථික අපහසුතා හේතුවෙන් තමන් මෙම පියවර ගැනීමට පෙළඹුණ බවත් ජනතාවට සහයක් වීමට හැකි අය සිටීනම් ඔවුන්ට උපරිමයෙන් ආර්ථික අපහසුතා ඇති ජනතාවට උපකාර ලෙස ඉල්ලා සිටින බව ද ඔහු පවසයි.

විඩියෝ දර්ශන - Ada Derana Y-Tube Channel


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now