රාජපක්ෂවරුන් ඇමතිකම් භාර ගැනීමෙන් වළකින ලකුණු.. නව ඇමති මණ්ඩලයක් දිවුරුම් දීමේ සුදානමක් අත ලගයි..

sri lanka parliament politician cabinet gagana news Sri lanka sinhala news today trending news
By krishani Apr 09, 2022 04:09 AM GMT
krishani

krishani

Report

ඉදිරි දින කීපයේදී නව කැබිනට් මණ්ඩලයක් දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙනවා.

මෙහිදී මින් පෙර කැබිනට් අමාත්‍ය ධුර දැරූ අමාත්‍යවරුන්ට ඔවුන් කටයුතු කළ අමාත්‍යාංශම ලබාදීමට නියමිත අතර චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ මහත්වරුන් කිසිදු අමාත්‍ය ධුරයක් ලබානොගන්නා බවයි වාර්තා වන්නේ.

නව කැබිනට් මණ්ඩලයේ මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට නියමිත බවද රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මහින්ද රාජපක්ෂ මහතා ජනපතිධුරය දරණ කාලයේදී මුදල් අමාත්‍යවරයා ලෙස ඔහු කටයුතු කළ අතර වත්මන් ආණ්ඩුවේද පළමුවෙන්ම මුදල් අමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ කටයුතු කරනු ලැබුවා.

එමෙන්ම මහජන ආරක්ෂක අමාත්‍ය ධුරයේ කටයුතු කළ සරත් වීරසේකරට එම අමාත්‍ය ධුරය ලබා නොදීමට තීරණය කර ඇති බවද වාර්තා වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now