අද විදුලි කප්පාදුව සිදු වන්නේ මෙහෙමයි - සිංහල දෙමළ අලුත් අවුරුද්දේ විදුලිය සම්බන්ධව අලුත්ම විශේෂ තීරණයකුත් අරන්..

sri lanka gagana news Sri lanka sinhala news today trending news power cuts
By krishani Apr 09, 2022 02:32 AM GMT
krishani

krishani

Report

බලාගාරවලට ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම හේතුවෙන් අදත් (09) දිවයින පුරා පැය 2ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසන් සභාව මගින් ලංකා විදුලි බල මණ්ඩලය වෙත අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ අනුව A,B,C,P සහ Q කලාපවලට පස්වරු 3 සිට පස්වරු 5 දක්වාත් D,E,F,R සහ S කලාපවලට මෙන්ම පස්වරු 5 සිට පස්වරු 7 දක්වාත් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

එමෙන්ම G,H,I,T සහ U කලාපවලට පස්වරු 6 සිට රාත්‍රී 8 දක්වාත් J,K සහ L කලාපවලට රාත්‍රී 7 සිට රාත්‍රී 9 දත්වාත්, V සහ W කලාපවලට රාත්‍රී 8 සිට 10 දක්වාත් පැය 2ක් විදුලිය කප්පාදු කිරීමට නියමිතයි.

කෙසේ වෙතත් CC-1 කලාපයට උදෑසන 6 සිට උදෑසන 9 යි 30 දක්වා පැය තුනහමාරක් විදුලිය කප්පාදු කිරීමට සිදුවන බවයි ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළේ.

එහෙත් මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සමය තුළ එනම් 13,14, සහ 15 යන දිනයන්හි විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා ඊයේ (08) ප්‍රකාශ කළා.

එහි සභාපති ජනක රත්නායක කියා සිටියේ එම දිනවලට අදාළ ව විදුලි බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන මේ වනවිට ලැබෙමින් පවතින බවයි.

මේ අතර අප්‍රේල් මාසය සඳහා ඛණිජ තෙල් සංස්ථාව සතුව ඉන්ධන මෙට්‍රික් ටොන් 124,000ක් පවතින බව එහි සභාපති සුමිත් විජේසිංහ ප්‍රකාශ කළා.

ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු කියා සිටියේ ඉන්දීය ආධාර යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ඩීසල් තොග ලැබීමට නියමිත අතර, ඉන් ඇමරිකානු ඩොලර් මිලියන 290ක ඉන්ධන මේ වනවිට මෙරටට ලැබී ඇති බවයි.

කෙසේ වුවත් ඩීසල් බෙදා හැරීමේ කටයුතු සිදු කෙරුණ ද, ඉන්ධන ලබා ගැනිම සඳහා පිරවුම්හල් අසල ජනතාව තවදුරටත් දිගු පෝලිම්වල රැඳී සිටිනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now