සමාජයේ දැඩි කතා බහකට ලක් වූ ඥානක්කාටත් විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්.. ඥානක්කාව බේරගන්න පොලිසිය මදිවාට හමුදාවත් දාල.. (VIDEO)

sri lanka picket gagana news Sri lanka sinhala news today trending news
By krishani Apr 06, 2022 01:21 AM GMT
krishani

krishani

Report

අනුරාධපුර ඉසුරුපුර ප්‍රදේශයේ පිහිටි ඥානක්කා නැමති කාන්තාවගේ නිවසට (04) රාත්‍රියේ විරෝධතාකරුවන් විශාල ප්‍රමාණයක් කඩා වැදී දැඩි විරෝධයක් පෑමත් සමග ප්‍රදේශයේ දැඩි උණුසුම් තත්වයක් ඇති වී තිබ්ණ.

විරෝධතාකරුවන් විසින් එකවරම ඥානක්කා නැමති කාන්තාවගේ නිවස පිහිටි ගුවන්තොටුපල මාර්ගයේ ඉසුරුපුර ප්‍රදේශයේ පිහිටි නිවසට කඩා වැදී ඇති බව වාර්තා වේ.

මේ සමග ආරක්ෂාවට සිටි පොලිස් නිලදාරීන්ට විරෝධතාකරුවන් පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් එම ස්ථානයට යුද හමුදාව කැඳවීමට පියවර ගෙන තිබුණී.

අනතුරුව පොලීසිය හා යුද හමුදාව එක්ව ඥානක්කා නැමති කාන්තාවගේ නිවසට හා අවට ප්‍රදේශයට මෙන්ම දේවාලයටද දැඩි ආරක්ෂාවක් සපයා තිබූ අතර විරෝධතාකරුවන් විසින් ඥානක්කා නැමති කාන්තාවගේ නිවසට ගල් ප්‍රහාරයන්ද එල්ල කරනු ලැබීය.

විඩියෝ දර්ශන - Ada Derana Y-Tube Channel 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now