ඇඳිරි නීතිය තිබුණත් මාර්ගවල ගමන් කළ හැක්කේ මේ අයට පමණයි..

curfew sri lanka special announcement gagana news Sri lanka sinhala news today trending news
By krishani Apr 03, 2022 05:47 AM GMT
krishani

krishani

Report

දිවයින පුරා පනවා ඇති ඇදිරිනීතීය හෙට උදෑසන 06.00 දක්වා බලපැවැත්වෙනවා.

මහජන ආරක්ෂක ආඥාපනතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතලවලට අනුව ඊයේ(02) පස්වරු 6.00 සිට දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ඇදිරිනීතීය පැනවීමට රජය පියවර ගනු ලැබුවා.

ඇදිරිනීතීය බලපවත්නා කාලය තුළ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යනු ලබන ආයතනවල සේවය කරනු ලබන සාමාජිකයින්ට ඔවුන්ගේ ආයතනික හැඳුනුම්පත හෝ පිළිගත හැකි ඉලෙක්ට්‍රොනික ලියවිල්ලක් ඉදිරිපත්කොට ගමන් කළ හැකි බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.

ඊට අමතරව අත්‍යාවශ්‍ය සේවා, විදේශීය තානාපති කාර්යාල නිලධාරීන්, විදෙස්ගතව හා විදේශයන්හි සිට ලංකාවට එන පුද්ගලයන්ට තම හැඳුනුම්පත් හා ගුවන් ගමන් ටිකට්පත් භාවිත කරමින් අදාළ ස්ථාන වෙත ගමන් කළ හැකි බව පොලිසිය පවසනවා.

මේ අනුව අත්‍යාවශ්‍ය සේවා සඳහා ගමන් කරන පුද්ගලයින්ට තම හැඳුනුම්පත හෝ වෙනත් ලියවිල්ලක් භාවිත කරමින්ද, විදෙස් තානාපති කාර්යාල නිලධාරීන්ට තම හැඳුනුම්පත හා වෙනත් ලියවිල්ලක් භාවිත කරමින්ද,විදෙස්ගතවන පුද්ගලයින්ට හා විදෙස්ගතව සිට පැමිණෙන පුද්ගලයින්ට ගුවන් ටිකට්පත භාවිත කරමිින්ද අවශ්‍ය ස්ථාන වෙත ගමන් කළ හැකියි.