සෞඛ්‍ය සේවකයෝ සෞඛ්‍ය ලේකම් සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්ව පොල්පිත්තට අන්දලා කළ වැඩේ..

sri lanka gagana news Sri lanka sinhala news today trending news
By krishani Mar 31, 2022 05:45 PM GMT
Report

අද (31) සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූ සෞඛ්‍ය වෘත්තීයවේදීන් විසින් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් වෛද්‍ය එස්. එච්. මුණසිංහ සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පොල්පිති දෙකකට සමාන කරන්නට කටයුතු කර තිබුණා.

ඒ අමාත්‍ය මණ්ඩලය අනුමත කල වසර 5/7 උසස්වීම් චක්‍රලේඛය නිකුත් කිරීමට බිය වෙමින් හා රාජ්‍ය සේවා කොමිෂන් සභාව ලබා දුන් විශේෂ ශ්‍රේණියේ පවුල් සෞඛ්‍ය නිළධාරීනියකගේ පත්වීමක් අහෝසි කිරීමට විරෝධය පාමින්.

මෙහිදී සෞඛ්‍ය ලේකම්, සෞඛ්‍ය රජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් කටයුතු කරමින් සිටින බියගුලු ස්වභාවයට විරෝධය පළ කෙරුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now