උසස් පෙළ විභාගය සම්බන්ධව විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

education gagana news Sri lanka sinhala news today trending AL examination
By krishani Feb 01, 2022 03:52 AM GMT
krishani

krishani

Report

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති අද (01) මධ්‍යම රාත්‍රී 12 සිට විභාගය අවසන් වන තෙක් තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, විෂයානුබද්ධ දේශන සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම යනාදිය අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කර ඇති බවය.

2021-2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන 07 වන දින සිට මාර්තු මස 05 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.

මෙවර උසස් පෙළ විභාගය සඳහා සිසුන් 345,242 කු විභාග මධ්‍යස්ථාන 2,438කදී විභාගයට පෙනී සිටීමට නියමිතව තිබේ.

උසස් පෙළ විභාගය පැවැත්වීමේදී වේලාව නිවැරදිව ප්‍රදර්ශනය කරන ලෙස සියලු විභාග ශාලාධිපතිවරුන්ට නියෝග කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now


ReeCha