මොකද්ද මේ උසස් අධ්‍යාපනයේ සිංහල හා ඉංග්‍රීසි භාෂා සීමා කිරීම් කතාව ?

education trending news gagana news today news sri lanka sinhala news
By krishani Jan 29, 2022 03:24 AM GMT
krishani

krishani

Report

වර්තමානයෙ බොහෝමයක් උසස් අධ්‍යාපන පාඨමාලා ඉංග්‍රීසි භාෂාවට පමණක් සීමාවීම සහ විශේෂවේදී උපාධි සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් ක්‍රියාත්මකවීම ශ්‍රී ලංකාවේ උරුමයට සහ රටේ අනන්‍යතාවය ආරක්ෂා කරන ජාතික භාෂාවට බරපතළ තර්ජනයක් බවත් උසස් අධ්‍යාපනය ඉංග්‍රීසියට පමණක් සීමා නොකළ යුතු බවත් ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

ජාත්‍යන්තරයට පිවිසීමට ඉංග්‍රීසි භාෂාව අවශ්‍ය යැයි අනිවාර්යෙන්ම පිළිගැනීම වුවත් ඒ සෑම දෙයක් තුළින් අපේ භාෂාවට හානියක් නොවී අපගේ භාෂාව ජීව භාෂාවක් වශයෙන් රැකගත යුතු බව කී අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා එසේ නොමැතිව අපේ සිංහල සහ දෙමළ භාෂාවන් නොසලකා හැරලා වෙනත් ආදේශක භාෂා මතම පමණක් පිහිටා කටයුතු කිරීම තුළින් අපගේ භාෂාව පරිහානියට පත්වන බව ද සඳහන් කළේය.

අප්‍රිකාවේ ඇතැම් ප්‍රධාන භාෂාවන්ට අත්වූ ඉරණම සිංහල භාෂාවටත් අත්විඳින්න සිදුවනු ඇති බවත් ලෝකයේ බොහෝ රටවල් උසස් අධ්‍යාපනය ලබාදීමේදී තම රටේ භාෂාවේ අනන්‍යතාවයට ප්‍රමුඛතාව දෙමින් කටයුතු කරගෙන යන්නාක් මෙන් ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය සකස් විය යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

වාසුදේව නානායක්කාර මහතා ජාතික භාෂා අමාත්‍යවරයාව සිටි අවධියේ ඔහු ලද අත්දැකීම් සහ සිංහල භාෂාවේ ඇති වැදගත්කම මෙන්ම අනන්‍යතාවය පිළිබඳව ඒ මහතාගේ සංකල්පයක් මුල් කරගනිමින් ආචාර්ය ඊ.එම්. රත්නපාල මහතා රචනා කළ ‘සිංහල බස් විමසුම’ ග්‍රන්තය එළිදැක්වීමේ උත්සවයේදී ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා එසේ පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now


ReeCha