ඉවත් වීමක් ගැන විමල් කිව්ව විශේෂ කතාව(VIDEO)

politics gagana news sri lanka sinhala news today trending news
By krishani Jan 28, 2022 11:07 PM GMT
krishani

krishani

Report

ගොවි ජනතාවට හානිකර වූ කෘෂිකර්ම ප්‍රතිපත්තියෙන් ඉවත්වීමට ආණ්ඩුව කටයුතු කළයුතු බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ වැරැද්දක් නිවරැදි කිරීමට ලැජ්ජා වියයුතු නැති බවය.

"මේ රටේ වාණිජ කෘෂිකර්ම බිඳ වැටීමෙන් ආහාර සුරක්ෂිතතාවය බිඳ වැටෙනවා. පොහොර ගැටලුවට විසඳුම් සෙවිය යුත්තේ කෘෂිකර්මාන්තය බිඳ වැටෙන අයුරින් නොවෙයි. දැන්වත් අපි අපිට වෙච්ච අඩුපාඩුව හඳුනගෙන නිවැරදි විය යුතුයි. ඉන්දියාවේ අගමැතිතුමාට පනත් දෙකක් ගොවි විරෝධය නිසා ඉවත් කරගන්න සිදුවුණා. ඒක අභිමානයට කැලලක් නෙමෙයි. ඉතින් මෙතනදිත් මං හිතනවා වාණිජ කෘෂිකර්මාන්තය බිඳ වැටීමට හේතු වහාම නිවැරදි කරන්න ඕනේ. ඒ වෙච්ච වරද නිවැරදි කරගන්න ලැජ්ජා වියයුතු නැහැ. ලැජ්ජා වෙන්න අවශ්‍ය එය තවදුරටත් නිවැරදි කියලා හිතාගෙන සෙල්ලම් කරන එකටයි. වාණිජ කෘෂිකර්මය සමග සෙල්ලම් කිරීමටයි ලැජ්ජා බිය ඇතිවිය යුත්තේ."

"පොහොර සහනාධාරයට යනවට වඩා වැඩි මුදලක් චන්දි ලෙස දැන් ගොවීන්ට ගෙවන්න වෙනවා. එතනම පේනවා නේ කරගත්තු වැරැද්දේ තරම. ගොවියාගේ ජීවිතය..කෘෂිකර්මාන්තය එක්ක සෙල්ලම් කරන්න බෑ අපිට. ජනතාවගේ බඩගින්නත් එක්කයි මේක ගැටගැහිලා තියෙන්නේ." "කාබනික පොහොර ප්‍රවර්ධනය කළාට ගැටලුවක් නැහැ.. ගොවියා ගොවිතැනින් පළවා හරින්නේ නැතුව."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now