අධික වේගය ආකාශ්ට මරු කැඳවයි (VIDEO)
accident
sri lanka
gagana news
sri lanka sinhala news
today trending news
By krishani
අකුරැස්ස පොලිස් බලප්‍රදේශයේ, බංගම හන්දියේ සිදුවු රිය අනතුරකින් 22 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ(27) දහවල් එම අනතුර සිදුවන අයුරු එම ස්ථානයේ සවිකර තිබූ CCTV කැමරාවක ද සටහන්ව තිබුණි.
අධික වේගයෙන් පැමිණෙන යතුරුපැදිය ප්‍රධාන මාර්ගයට ඇතුළු කරනවාත් සමග එහි ධාවනය වෙමින් තිබු ලොරි රථයක ගැටී අනතුර සිදුවුණි.
ලොරි රථයේ පිටුපස රෝදයට හසුවන තරුණයා එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්වු බව අප වාර්තාකරු පැවසීය.
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, ගාල්ල අම්පේගම ප්‍රදේශයේ පදිංචි තීන්ත ආලේපන කටයුතුවල නිරත වූ ආකාශ් මිහි නිර්මාන් නැමති අවිවාහක තරුණයකි.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, අකුරැස්ස පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |