ෆෝන් එකට රීලෝඩ් දානවා වගේ විදුලියට තෙල් ගහලා හරියන්නේ නෑ !

politics gagana news Sri lanka sinhala news today trending news srilankan politics
By krishani Jan 28, 2022 06:15 AM GMT
krishani

krishani

Report

දුරකතනයට රීලෝඩ් දමන ආකාරයට තෙල් සංස්ථාව ද විදුලිබල මණ්ඩලයට දින 3 හා දින 8 පැකේජ දෙමින් දැඩි අසීරුවකින් තෙල් සැපයීම් කරන්නට සිදුව ඇති බව සමස්ත ලංකා විදුලි පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් පැවසීය.

මේ කුමන ගැටය ගැහුවත් රටම අඳුරේ වැටෙන නිශ්චිත දිනයක් පැමිණෙන බව ද ජයලාල් මහතා කීය.

මේ අතරතුර මහජන උපයෝගීතා කොමිසම විදුලි බිල වැඩි කිරීමට අනුමැතිය දීම අනුමත නොකරන බව ද ඒ මහතා අවධාරණය කළේ ය.

මේ වන විට කාසල්රි, මාඋස්සාකැලේ, සමනලවැව ජලාශවල ජල මට්ටම ඉතා පහළට බැස ඇති අතර තවත් දින 8 කට පමණක් ජලය ප්‍රමාණවත් බව ත් විදුලිය සම්බන්ධයෙන් දැඩි අර්බුදයක් රට හමුවේ පවතින බව ත් ඔහු සඳහන් කළේ ය.

මෙවැනි වටපිටාවක පරිසර ඇමති විසින් ජනතාවට පාපැදිවලින් පැමිණ රාජකාරි කරන්න යැයි කීම ඔළමොට්ටළ ප්‍රකාශයක් බව ත් ඔහු පවසන පරිදි පුද්ගලයෙක් එක් කිලෝමීටරයක් පාපැදියක ගමන් කළහොත් රටට රුපියල් 236.48ක් ලාභ ලැබෙන අතර නැති නම් රුපියල් 103.58ක පාඩුවක් වන බව පෙන්වා දෙන අතර එය එසේ නම් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225ම පාපැදිවල පැමිණ රටට පළමුවෙන් ම ආදර්ශයක් සපයන ලෙසත් ජයලාල් මහතා ඉල්ලීමක් කළේ ය.

විශේෂයෙන් ම, මේ මොහොත ලොකු කුඩා භේදයකින් තොරව රට ම අඳුරට පත්වෙන මොහොතක් එනම් ජාතික ප්‍රශ්නයක් යැයි සිතා ජනතාව පිට බර නොපැටවීමට ආණ්ඩුව ක්‍රියා කළ යුතු යැයි ද හෙතෙම අවධාරණය කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now