රතන හිමියන් කළ විශේෂ ප්‍රකාශය !

sri lanka politics Gagana news today trending news
By krishani Jan 28, 2022 05:41 AM GMT
krishani

krishani

Report

මැතිවරණවලට තරග නොවදින බව අපේ ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පවසති.

“මැතිවරණ සඳහා තරග කරන දේශපාලනය නොව ජනතාව සවිබල ගන්වන නව ජනතා ව්‍යාපාරයකට මුලපිරිය යුතු” යැයි ද තමා එයට සූදානම් බව ද රතන හිමියෝ කීහ.

දේශපාලනය හරි අසීරු වැඩක්. දේශපාලනය නොකර බණක් භාවනාවක් කරගෙන ඉන්න හිතෙන වාර අනන්තයි. ඒ වුණ ත් මෙම රත්‍රන් බිම දාලා යන්න බැරි බැඳීමක් අපට තිබෙනවා යැයි ද අතුරලියේ රතන හිමියෝ පැවැසූහ. මොනරාගල පැවති වැඩසටහනකට එක්වෙමින් මෙම අදහස් පළ කළ රතන හිමියෝ මෙසේ ද පැවසූහ.

“සමහරු කියනවා රතන හිමියන් තමයි ජනාධිපතිට ලණු දීලා වස විසෙන් තොර ගොවිතැන පැටලෙව්වේ කියලා. මම වස විසෙන් තොර ගොවිතැනට කැමතියි. නමුත් වර්තමානයේ වස විසෙන් තොර ගොවිතැනට අවතීරණය වෙලා තියෙන ක්‍රමය අපිළිවෙළයි. එහෙම අපිළිවෙළකින් එම කටයුත්ත කරන්න බැහැ. එහෙම වුණොත් වෙන්නේ මිනිස්සු සාගතයේ මැරෙන තත්ත්වයක් ඇතිවෙන එකයි. අද කාලෙ හැටියට හෙක්ටයාරයකට යූරියා ගෙන්වන්න රුපියල් 40,000ක් යනවා. ඒ ගාණ ගොවියන්ට දෙන්න කියලයි මා කියන්නේ. නිලධාරීන් කවුරුවත් අවශ්‍ය නැහැ. ගොවියන්ට පොහොර හදන හැටි අපි කියලා දෙන්නම්.”


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now