වෙරි මර ගාතෙ ඩ්‍රයිව් කරලා.. සම්මානනීය නළුවෙක්ට උසාවි යන්න වෙලා.. කවුද කියලා දැන ගත්තොත් පුදුම හිතෙයි..
By krishani
සියලු දෙනාගේ ආදරය දිනා ගත් ඕස්ට්‍රේලියාවේ සම්මානනීය නළුවෙක් වන සයිමන් බේකර්ට උසාවිය ඉදිරියේ පෙනී සිටීමට සිදුව ඇති බවට තොරතුරු වාර්තා වේ.
ඒ පසුගිය දිනක අලුයම බයිරන්බේ කලාපයේ ඔහුගේ නිවස අසල මාර්ගයක දී බීමතින් රිය පැදවීම හේතුවෙන් ය.
මේ සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලව තිබුණේ ඉකුත් ජුලි 20 වැනිදා ය.
වාර්තා වන්නේ, ඔහු උසාවිය ඉදිරියේ පෙනී සිටීමෙන් පසු තමන් සිදුකළ වරද පිළිගෙන ඇති බවයි.
මේ අතර, සයිමන් බේකර් 55 හැවිරිදි වියේ පසු වේ.
කෙසේ වෙතත්, සයිමන් බේකර් සම්මානලාභී රංගන ශිල්පියෙක් ලෙස රසික ජනාදරය නොඅඩුව දිනාගත් අයෙක් වේ.