මන්ත්‍රීවරයෙක් විදුහල්පතිනියකට කළිසම ගලවා කරපු දේ..ඒ මදිවට වීඩියෝත් කරල..ආපන ශාලාවේදී සිදුවූ දේ මෙන්න..

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Sri Lanka Politician Education
By Aruna Jul 28, 2023 04:51 AM GMT
Aruna

Aruna

Report

විදුහල්පතිනියකට කලිසම ගලවා ද නිරුවත පෙන්නූ හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු ලබන දෙවැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

අධිකරණයට වාර්තා කරන ලද කරුණු මත මෙම නියෝගය නිකුත් කර ඇත්තේ, වැලිකඩ පොලීසියේ දී අදාළ සැකකරු සිය කලිසම ගලවා මෙසේ නිරුවත පෙන්වමින් අදාල විදුහල්පතිනියට ලිංගික අතවරයක් කළ බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභාවේ හිටපු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරයෙකු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි පැවසෙන්නේ.

තම පාසල අපකීර්තියට පත් කරමින් සමාජ ජාල වල අසත්‍ය තොරතුරු ප්‍රචාරය වන්නේ යැයි එම විදුහල්පතිනිය වැලිකඩ පොලීසියට පැමිණිලි කරන ලද පසු මෙම නාගරික මන්ත්‍රීවරයා පොලිසියට කැදවා සිද්ධිය සමථයකට පත් කරන ලද බවද වැලිකඩ පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත්තේ.

සිද්ධිය සමථයකට පත් වීමෙන් පසු දෙපාර්ශ්වය පොලිසියේ සුළු පැමිණිලි අංශයෙන් පිටව ආපන ශාලාවට ගිය අතර, එහිදී මන්ත්‍රීවරයා සිය කලිසම පහත් කර විදුහල්පතිනියට නිරැවත පෙන්වා ඇති බවත් එම සිදුවීම පැමිණිලි පාර්ශවය විසින් වීඩියෝ කර ඇති බවත් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා.

ReeCha