මෙරට තුළ සහල් හිඟයක්.? - අලෙවිය වර්ජනයක්.? - සංගමය ගත් විශේෂ තීරණය මෙන්න.

Food Shortages Government Of Sri Lanka Rice
By Wayomi Oct 14, 2024 12:22 PM GMT
Wayomi

Wayomi

Report

පාලන මිලට සහල් අලෙවි කළ නොහැකි නම් සහල් අලෙවිය වර්ජනය කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා අත්‍යාවශ්‍ය ආහාර තොග සහ සිල්ලර වෙළඳ සංගමය ප්‍රකාශ කරනවා.

මහනුවර දිස්ත්‍රික් අත්‍යාවශ්‍ය ආහාර තොග සහ සිල්ලරවෙළඳ සංගමයේ මංගල රැස්වීම අමතමින්, එම සංගමයේ සභාපති ඩබ්ලිව්.එම්.නජීම් මහතා මේ බව කියා සිටියා.

සහල් සඳහා රුපියල් 220 ක පාලන මිලක් නියම කර තිබුණද ව්‍යාපාරිකයින්ට එම මිළට අලෙවි කළ හැකි මිලකට සහල් නොලැබෙන බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම බොහෝ අවස්ථාවල සහල් කිලෝව රුපියල් 230 කට ලබා දී රුපියල් 220 කට අලෙවි කරන ලෙස දන්වන නමුත් එම මිළට අලෙවි කිරිමට කිසි සේත් නොහැකි බවත් ඔහු කියා සිටියා.

මේ අතර ඇතැම් ව්‍යාපාරිකයින් පාලන මිළ පවතිද්දී වුවත් රුපියල් 230 කට ලැබෙන සහල් 235 කට හෝ 240 කට අලෙවි කළොත් වැඩි මිළට අලෙවි කිරීමේ චෝදනාව පිට පාරිභෝගික අධිකාරිය වැටලීම් සිදු කරන බවත් ජනතාව කළු කඩකාරයින් ලෙස චෝදනා කරන බවත් සඳහන් කරන ඔහු කියා සිටියේ, මෙම ගැටළුව විසඳෙන තෙක් සහල් අලෙවි කිරිම වර්ජනය කිරීමට තම සංගමය කටයුතු කරන බවයි.

ලංකා අත්‍යාවශ්‍ය ආහාර තොග සහ සිල්ලර වෙළඳ සංගමය සභාපති වැඩිදුරටත් කියා සිටියේ, සහල් මල්ලේ රුපියල් 220 ක් ලෙස සටහන් කර තිබියදී පාරිභෝගිකයාට රුපියල් 235 කට හෝ 240 කට විකිණිම සාධාරණ නොවන බවයි.