හේමසිරිගෙයි පූජිතගෙයි නඩුව කල් ගිහින්

Report

කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මඟින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට විරුද්ධව ගොනුකර ඇති නඩුව නැවත ජූලි මස 28 වන දින කැඳවන ලෙස නියම කර ඇත.

ඒ පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීම පිළිබඳව ගොනුකර ඇති නඩුවයි.

හිටපු ඇමති නිමල් සිරිපාලගේ නිවසේ සේවිකාවක් ජීවිතක්ෂයට

හිටපු ඇමති නිමල් සිරිපාලගේ නිවසේ සේවිකාවක් ජීවිතක්ෂයට

ඒ අනුව මෙම නඩුව අද (30) දින නාමල් බළල්ලේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සමන්විත මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවා ඇති බව වාර්තා වේ.

එම අවස්ථාවේදී නීතිපතිවරයා සඳහා පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශණ ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අඳාළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා මේ වන විට අභියාචනාධිකරණයට උසස් වීමක් ලබා තිබෙන නිසා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ පුරප්පාඩුවට නව විනිසුරුවරයෙක් අගවිනිසුරුතුමිය විසින් පත් කරන තුරු රැඳී සිටින බව ප්‍රකාශ කළා.

එනිසා මෙම නඩුව කැඳවීමට වෙනත් දිනයක් ලබා දෙන මෙන් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා. එහිදී මෙම නඩුව ලබන ජූලි මස 28 වන දින නැවත කැඳවීමට නියම වූ බව සඳහන්.

ජපුරෙන් තීරණයක්, ආයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා නෑ

ජපුරෙන් තීරණයක්, ආයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා නෑ

එසේම අඳාළ චෝදනා පිළිබඳව හේමසිරි ප්‍රනාන්දු  සහ පූජිත් ජයසුන්දර යන අය නිදොස් කොට නිදහස් කරන මෙන් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලෙන් මීට පෙර නියම කර තිබෙනවා.

එසේ වුවත් විත්තිවාචකය කැඳවීමක් නොකර විත්තිකරුවන් නිදහස් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ගත් තීරණය නීතියට පටහැනි බවට තීන්දු කරන මෙන් ඉල්ලා නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කර ඇත.

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න

ඒ අනුව අදාළ නඩුවල විත්ති වාචකය කැඳවා නැවත විභාගයක් පවත්වා තීන්දුව ලබා දෙන ලෙසට එම ඇපෑල විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

එහි ප්‍රතිඵලයක් ලෙස අඳාළ නඩුව නැවත කැඳවා ඇත.  

අද ලග්න පලාපල – 2025 ජූනි 30 | අද ඔබේ ලග්නයෙන් ජීවිතය වෙනස් වෙයිද?

අද ලග්න පලාපල – 2025 ජූනි 30 | අද ඔබේ ලග්නයෙන් ජීවිතය වෙනස් වෙයිද?