සුළු මොහොතකට පෙර වෙන්නප්පුවේ වෙඩි තැබීමක් - අයෙක් මරුට
අද (31) පෙරවරු 10.30ට වෙන්නප්පුව පොලීසිය ආසන්නයේ පිහිටි වැව පාර ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව ඇත. මොටර් රථයකින් පැමිණි පිරිසක් විසින් යතුරුපැදිය අනතුරට ලක් කර පසුව යතුරුපැදියේ පැමිණි දෙදෙනාට තියුණු ආයුධයකින් පහරදී වෙඩි තබා පළා ගොස් ඇත.
පහර කෑ අයගෙන් එක් අයෙක් තුවාල ලැබූ අතර අනෙක් පුද්ගලයා වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.
යතුරුපදියෙන් පැමිණි දෙදෙනාගෙන් මිය ගිය තැනැත්තා මහාධිකරණයේ පවතින නඩුවකට අදාළව වෙන්නප්පුව පොලීසියේ අත්සන් කිරීමට පැමිණ ආපසු යමින් සිටි අවස්ථාවේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව වාර්තා කරන පොලිසිය සිදුවීම සිදුවූ ස්ථානය පරික්ෂා කර රිවොල්වර වර්ගයේ ගිනි අවියකින් මෙය සිදුකර ඇති බව සොයාගෙන ඇත.
2025 සැප්තැම්බර් මස 09 වැනි දින මිය ගිය පුද්ගලයාගේ නඩුව සම්බන්ධව අධිකරණ තීන්දුව ලැබීමට නියමිතව තිබූ බවද වාර්තා වේ.