දිට්වා සුළි කුණාටුවට පසු තවත් මහ අන්තරායක් - ප්‍රදේශ රැසක නායයෑමේ පූර්ව ලක්ෂණ

Report

දිට්වා සුළි කුණාටුවේ බලපෑමට ලක්වූ ඇතැම් ස්ථානවල නායයෑම් පූර්ව ලක්ෂණ මතුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සදහන් කර තිබේ .

එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ, ආචාර්ය වසන්ත සේනාධීර මහතා අද (16) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සදහන් කර ඇත

මේ දින කිහිපය තුළ ඇති වූ වැසි සහිත කාලගුණය හේතුවෙන් ඇතැම් ස්ථානවල මෙලෙස අවදානම් ලක්ෂණ මතුව ඇති බවද ඔහු සදහන් කර තිබේ.

  දිට්වා සුළි කුණාටුව හමුවේ නාය නොගිය නමුත් පස් සහ ගල් පහළට ගලාවිත් තිබූ ස්ථානවල දැඩි වර්ෂාවක් හමුවේ නායයෑමක් සිදුවිය හැකි බැවින් වඩාත් කල්පනාකාරී විය යුතු බවද වසන්ත සේනාධීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

සැප්තැම්බර් 20 සිට අනිවාර්ය වන අති විශේෂ නීතියක් - අති විශේෂ ගැසට් නිවේදනය අනුමතයි

සැප්තැම්බර් 20 සිට අනිවාර්ය වන අති විශේෂ නීතියක් - අති විශේෂ ගැසට් නිවේදනය අනුමතයි

ඒ වගේම එතුමා සදහන් කළේ ඉදිරියේ දී ඇති විය හැකි බවට පුරෝකථනය කර ඇති අධික වර්ෂාව හමුවේ නායයෑම් සක්‍රීය වීමේ අවදානම් ඇති බව මේ වනවිට නායයෑම් හේතුවෙන් අධි අවදානම් සහිත පවුල් 30,000කට අධික පිරිසක් හඳුනාගෙන ඇති බවයි .

අධික වර්ෂාවක් පවතින විටක නායයෑම් සහිත ප්‍රදේශයක ජීවත් වන්නේ නම් හැකි ඉක්මනින් අදාළ ප්‍රදේශවලින් ඉවත්ව ජීවිත රැකගන්නා ලෙසත් නායයෑම් නැරඹීමට කිසිදු අවස්ථාවක එම ප්‍රදේශ වෙත නොයන ලෙසත් ඔහු ජනතාවට දැනුම් දෙයි .

ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ, ආචාර්ය වසන්ත සේනාධීර තව දුරටත් සදහන් කළේ මෙවන් අදහසක් 

“තමන්ගේ ආරක්ෂාව සලසා ගන්න. විශේෂයෙන් මේ වනවිට පසුගිය වසර 15 ඇතුළත අධි අවදානම් පවුල් 15,000ක් පමණ අපි හඳුනාගෙන තියෙනවා. පවුල් 5,000ක් විතර නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙල කරගෙන යනවා. හැබැයි මේ දිට්වා සිද්ධිය සමඟ නැවත අධි අවදානම් පවුල් 16,793ක් මේ වෙද්දි හඳුනාගෙන තියෙනවා. මේ ප්‍රමාණය අනිවාර්යයෙන්ම තවත් වැඩිවෙනවා. මොකද නිරීක්ෂණ කටයුතු අවසන් වෙලා නැති නිසා. මේකෙන් පේනවා මේක කොච්චර තද බල විදියට අපිට බලපාලා තියෙනවා ද කියලා. ඔක්කෝම එකතුව ගත්තොත් පවුල් 30,000කට වැඩිය අධි අවදානම් තත්ත්වයේ පවතිනවා. තොරතුරු නැති පවුල් මීට වඩා වැඩි වෙන්න පුළුවන්.

තමන්ගේ ප්‍රදේශයට අධික වර්ෂාවක් ලැබෙනවා නම් ආරක්ෂිත ස්ථාන වෙත ගිහින් ජීවිත ආරක්ෂාව සලසා ගන්න. දිට්වාවලින් අනතුරුව අපි ආරක්ෂිත යැයි හඳුනාගෙන තිබූ ස්ථානත් අනාරක්ෂිත තත්ත්වයට පත්වෙලා තියෙනවා. ඒ නිසා මෙය මීට පෙර අත්නොදැකපු තත්ත්වයක් අපිට මුහුණදෙන්න වුණ. ඒ පිළිබඳව සැලකිලිමත් වෙලා සියලු නිවේදන ගැන සැලකිලිමත් වෙන්න. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය හරහා ගෙනයන බොරු ප්‍රචාරයන්ට ඔබ සවන් දෙන්න එපා. ඒ අනුව ක්‍රියාත්මක වෙන්න එපා. විශේෂයෙන්ම රජයේ ආයතන නිල වශයෙන් ලබාදෙන තොරතුරු මත පදනම්ව තමන්ගේ ආරක්ෂාව සලසා ගන්න.”

FCID කැඳවීම හමුවේ ශිරන්ති රාජපක්ෂ විදෙස්ගත වූ බවට පළවන පුවත් අසත්‍ය බව හෙළිවෙයි

FCID කැඳවීම හමුවේ ශිරන්ති රාජපක්ෂ විදෙස්ගත වූ බවට පළවන පුවත් අසත්‍ය බව හෙළිවෙයි

තව දින 10කින් දිවයින පුරා තද වැසි - ගංවතුර සහ නායයෑම් ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

තව දින 10කින් දිවයින පුරා තද වැසි - ගංවතුර සහ නායයෑම් ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්