දේවස්ථානයකට දැවැන්ත ප්‍රහාරයක්..15ක් ජීවිතක්ෂයට පත්වෙයි..
Shooting
Death
World
Gun Shooting
By Aruna
දේවස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, බුර්කිනා ෆාසෝහි, නැගෙනහිර නාටියාබෝනි ප්‍රදේශයේ දේවස්ථානයක මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.
දේවස්ථානයේ යාඥා සිදුවන අවස්ථාවේ මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර ඉස්ලාමීය සටන්කාමීන් පිරිසක් විසින් ප්‍රහාරය එල්ල කර ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් අනාවරණය කර ඇත්තේ.
එම ස්ථානයේදීම 12 දෙනෙකු මිය ගොස් ඇති අතර තවත් තිදෙනෙකු තුවාල වලට ප්‍රතිකාර ලබමින් සිටියදී පසුව මිය ගිය බව වැඩිදුරටත් වාර්තා වන්නේ.
බුර්කිනා ෆාසෝහි කතෝලික දේවස්ථානයකට ද පසුගියදා මෙවැනිම ප්‍රහාරයක් එල්ල වී තිබුණු පසුබිමකයි මෙම ප්‍රහාරය සිදුව ඇත්තේ.
