වෙඩි තැබීමකින් මිය ගිය පුද්ගලයෙකුට වෙනත් අයෙකුගේ ඡායා රූපයක් ප්‍රසිද්ධ කරයි..(VIDEO)
CID - Sri Lanka Police
Police spokesman
Sri Lanka Police
Shooting
Gun Shooting
By Aruna
සිකුරාදා (25) බත්තරමුල්ල, තලංගම ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයා ලෙස තම රුව භාවිත කළ බවට කෑගල්ල ප්‍රදේශයේ පුද්ගලයකු ශ්‍රී ලංකාවේ ජනප්‍රිය රූපවාහිනී නාලිකා දෙකකට චෝදනා එල්ල කර තිබෙනවා.
ජනක පුෂ්පකුමාර නැමැති පුද්ගලයා පවසන්නේ තමන් මේ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති නාලිකා දෙකටම දැනුම් දුන් නමුත් සෙනසුරාදා (26) සවස් වන විටත් එම ඡායාරූපයන් ඉවත් කර නොමැති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් යළිත් වරක් තමන් පොලිසියට පැමිණිල්ලක් කළ බවද ඔහු කියා සිටියා.
එම පුද්ගලයා වැඩිදුරටත් කියා සිටියේ, ප්‍රවෘත්ති නාලිකා සිය ෆේස්බුක් ගිණුමෙන් ඡායාරූපයක් ගෙන වෙඩි තැබීමේ සිද්ධියට ගොදුරු වූ පුද්ගලයා ලෙස කිසිදු තහවුරු කිරීමකින් තොරව එය පළ කර ඇති බවයි.
